ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, දකුණු ආසියාවේ ප්‍රථම වතාවට නවතම NB-IOT තාක්‍ෂණය (Narrow Band Internet of Things) පසුගියදා අවසන් වූ .ටෙක්‌නෝ 2017. ප්‍රදර්ශනයේදී හඳුන්වාදෙන ලදී.

මෙම ප්‍රදර්ශනය ඔක්‌තෝබර් 13 සිට 15 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

මොබිටෙල් .ටෙක්‌නෝ 2017. ප්‍රදර්ශනයේදී ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන ලද NB-IOT තාක්‍ෂණය, එම ප්‍රදර්ශනයට සහභාගි වූ සියලු දෙනාම පාහේ අත්හදා බලන ලදී. අඩු බලයකින් ක්‍රියාත්මක පුළුල් ප්‍රදේශ හා සම්බන්ධ තාක්‍ෂණ අවශ්‍යතා (Low Power Wide Area Connectivity) එම අවස්‌ථාවේ විඳින්නට ඔවුන්ට හැකිවීම ඊට හේතුව විය. නාගරික වගාවන් සහ නිවාස ආරක්‍ෂණ පද්ධති වෙනුවෙන් ප්‍රබල තාක්‍ෂණයක්‌ ලෙස NB-IOT තාක්‍ෂණය මොබිටෙල් එහිදී ඉදිරිපත් කරන ලදී. මොබිටෙල් NB-IOT තාක්‍ෂණය මෙගා හර්ට්‌ස්‌ 900 ක වර්ණාවලිය (Spectrum) නාව්‍ය ලෙස විහිඳුම මඟින් සමාන්‍ය මොබිටෙල් ආවරණය 7 ගුණයකින් වර්ධනය කරලීම සහතික කරයි. මේ මගින් කොන්ක්‍රීට්‌ ආකෘති හෝ භූගත ස්‌ථාන කරා විනිවිද ගොස්‌ ආපදා නිරීක්‍ෂණ සංවේදක, ස්‌මාර්ට්‌ මීටර් ආදී මෙවලම්වලට ළඟාවීමට හැකියාව හිමිවෙයි.

බොහෝ විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව නොසලකා හරින පසුබිමක්‌ තුළ සැබෑ තාක්‍ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට මොබිටෙල් සමත්වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බව මොබිටෙල් හි සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සමස්‌ත නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා අඩු පිරිවැය ස්‌වයංක්‍රීය විසඳුම් ඉදිරිපත් කිරීමට මොබිටෙල්හි නව NB-IOT තාක්‍ෂණය අත්‍යවශ්‍ය සාධකයක්‌ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මොබිටෙල්හි ප්‍රධාන විධායක නිලධාරි නලීන් පෙරේරා මහතා මොබිටෙල් හි ආදර්ශ පාඨය වන ‘We Care Always’ (ඔබ සමගයි සැමදා) ට අනුව ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැන අවධාරණය කරන ලදී. දැනටමත් සාර්ථකත්වය හිමිකරගෙන ඇති, X Station Stores හරහා බෙදාහරින .නිවසේ ස්‌වයංකරණ විසඳුම්. වලට අමතරව නව්‍ය NB-IOT ජාලය ආයතනයේ දර්ශනය එය තවදුරටත් ශක්‌තිමත් කිරීමට ඉවහල් වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. .මොබිටෙල් NB-IOT සියලු දෙනා වෙනුවෙනි. එය සුඛෝaපභෝගී සේවාවක්‌ නොවේ. ව්‍යාපාරික ආයතනයක්‌ ලෙස අපි අපගේ සමාජ වගකීම් ගැන දැනුවත්ව සිටින අතර, තවදුරටත් නාගරික සහ ග්‍රාමීය ප්‍රජාව අතර ඇති ඩිජිටල් භේදය යා කිරීමට කටයුතු කරමු. යන ප්‍රබල පණිවිඩය ලබා දෙමින් ඔහු තම කතාව අවසන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More