ප‍්‍රධාන පුවත්

යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් ක්‍රියාත්මක විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි.එසේම රණවිරැවන්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග නොගන්නේ යයි දේශපාලකයින් විසින් ලබා දී ඇති පොරොන්දුව නීතිය හමුවේ පිළිගත නොහැකි හුදු දේශපාලනික ප‍්‍රකාශයක් යයි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග‍්‍රිෆ් පවසයි.

සත්‍යය, යුක්තිය, හානි පූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතික වීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo De Greiff) එම අනතුරු ඇඟවීම කළේ, සිය දින දාහතරක ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් කොළඹ දී ඊයේ පැවැත්වුන මාධ්‍ය හමුවක් අමතමිනි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා එම ප්‍රකාශය කළේ, 2009 වසරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී එවකට යුද නිලධාරියකු වූ බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියගේ භූමිකාව මුල් කර ගනිමින් ඔහුට එරෙහිව, බ්‍රසීලයෙහි යුද අපරාධ චෝදනා ගොනු කිරීමට මානව හිමිකම් සංවිධාන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉහත කී මාධ්‍ය හමුවේ දී බීබීසි සිංහල සේවය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
යුද සමයේ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිසි පරීක්ෂණයක් සිදු නොකළහොත් ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකුට එරෙහිව බ්‍රසීලයේ දී පවරන ලද නඩුව මෙන් තවත් නඩු ඉදිරිපත් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More