ප‍්‍රධාන පුවත්

දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අචාර්ය සරත් අමුණුගම මහතා විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් මත ගැටුම ඇතිවූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ .

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද අමුණුගම ඇමැතිවරයාගේ අදහස් අනුමත කරමින් කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් අදහස් දක්වා ඇතැයි පැවසේ.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මීට පෙර සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත මෙම විශේෂ කැබිවට් පත්‍රිකාව අද ඉදිරිපත් කර තිබිණි.

එහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම යැයි කියමින් මෙවැනි විශේෂ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හේතුවෙන් අනෙකුත් විකුණුම් වලද ප්‍රශ්න මතු විය හැකි බව පවසා ඇත.

එබැවින් මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දී ඇති ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා මෙම සාකච්ඡාවලට මුදල් අමාත්‍යාංයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ද සහභාගි වූ බවත් එම කමිටුවලද එකඟ වී දැන් විරුද්ධ විය නොහැකි බවත් පවසා ඇත.

මේ අතර දොස්තර රාජිත සේනාරත්න ඇමැතිවරයාද එම කතාබහට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිතවලට දැන් පොරොන්දුව කඩ කළ නොහැකි බව පවසා ඇතැයි වාර්තා වේ.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට සහය පළකරමින් අමුණුගම සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම අදහස් දක්වා ඇති අතර තමා ඊට කිසිසේත් එකඟ නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත.

මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළ කළද අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් රැසවීමේදී අනුමත වී ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More