ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) දින එකතු වුණා.
කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් පසු එය මෙහෙයුම් සඳහා එක්කර ගැනුණා.
මෙය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද A-321 වර්ගයේ ගුවන් යානයක්.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබෙනවා. ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර , පියාපත් අතර දිග අඩි117.5 ක්. උස අඩි 37.7 ක් වනවා.
මෙම යානය තුළ ව්‍යාපාරික පංතියේ මගීන් 12 දෙනෙකුට, පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 දෙනෙකුට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට එකවර ගමන් කළ හැකියි.
මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන් පිරිසක් ජර්මනියේ අදාළ කර්මාන්තශාලාවට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊයේ (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා.
දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව මෙම ගුවන් යානය ද සමග එයාර් බස් වර්ගයේ ගුවන් යානා 26 ක් පවතිනවා.
ඒ අතර,
A 330- 300 ගුවන් යානා 07 ක්
A 330 – 200 වර්ගයේ ගුවන් යානා 06 ක්
A 320 – 200 වර්ගයේ ගුවන් යානා 05 ක්
A 320 – neo වර්ගයේ ගුවන් යානා 02 ක්
A 321 – 200 වර්ගයේ ගුවන් යානා 02 ක්
A 321 – neo වර්ගයේ ගුවන් යානා 04 ක් වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...