දේශීය පුවත්

සැප්තැම්බර් 17 දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල ගුණසමරු දිනය නිමිතිකොට ගෙන ලංකා ලීඩ් විසින් ජාතික සංවිධානවල පණිවුඩය කුමක්දැයි විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

“සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාට අනුව ධර්මපාලතුමා යනු දස සිල් උපාසකයකුට වඩා බෞද්ධ සභ්‍යත්වය රැකගැනීම සඳහා සටන් වැදුනු සමාජ ක්‍රියාකාරිකයෙක්. එතුමා යටත් විජිත පාලකයන් විසින් දියත් කළ සංස්කෘතික ආක්‍රමණයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව පොළඹවන අතර සභ්‍යත්ව උරුමයේ මූලයන් රැකගැනීමට ද කටයුතු කළා. 

ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන ත්‍රිත්වයක් හින්දූන් විසින් විනාශ කිරීම වළක්වා ගැනීමට එතුමාට හැකිවුනා. බුද්ධගයාවේ වජ්‍රාසනය ඉදිරිපිට තිබූ සිවලංගය කඩා දමා එතැන මල් ආසනයක් පිහිටුවීමට එතුමා කටයුතු කළා. අවසානයේ එතුමාට අධිකරණවල කරදර වීමට සිදුවුවත් එතුමාගේ අරමුණ ඉටුවුනා.

අද ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල මල් ආසන තැබීම හෝ මල් පූජා කිරීම තහනම්. නමුත් ධර්මපාලතුමාගේ මැදිහත්වීම නිසා බෞද්ධයන්ට බුද්ධගයාවේ දී පමණක් මල් පූජා කිරීමට ඉඩ ලබාදී තිබෙනවා.

ඉන්දියානු රජය ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරන්නේ නටඹුන් ලෙස පමණයි. ඒ මගින් සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමට කටයුතු කළත් වැඳුම් පිදුම්වලට ඉඩ දෙන්නේ නැහැ. ඊට හේතුව වෙනිස්(venice) ප්‍රඥප්තිය අනුව වැඳුම් පිදුම් කරන සිද්ධස්ථානවලට දීර්ඝකාලීනව වැඳුම් පිදුම් කිරීමේ අයිතිය ඉල්ලා සිටිමේ හැකියාව තිබෙනවා. ඊට ඉඩ ලබාදීම මගින් හින්දු අන්තවාදය අභියෝගයට ලක්වෙනවා. ඒ නිසා ඊට ඉඩදෙන්නේ නැහැ.

සමහර සිද්ධස්ථානවලදී මල් රැගෙන යන බැතිමතුන්ට ඒවා හින්දු මුරකරුවන් අතට දෙන්න සිදු වෙනවා. ඔවුන් ඒවා බුදු පිළිරුව අසලට වීසිකරන ආකාරයට ගොඩගැහෙනවා.  මල් ආසනයක් තැබීම සඳහා ඉල්ලීම් කළත් ඉන්දියානු රජය ඊට ඉඩ දෙන්නේ නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More