දේශීය පුවත්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි හරක්කටා තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව මේ වන විට විමර්ශනවලින් හෙළිවී තිබේ.

හරක්කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12 දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී හරක්කටාට එහි ඇතැම් නිලධාරීන් අති විශේෂ සැලකුම් ලබාදී ඇති බව මේ වනවිට හෙළිවී ඇති අතර ඔහුට අවශ්‍ය කරන සියලුම සුඛෝපභෝගී ආහාරපාන ලබාදීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇතැම් පොලිස් නිලධාරිනියන් හරක්කටාට තම නිවසින් සකස් කර ආහාර පාන බත් පාර්සල් පවා ගෙනැවිත් දී ඇති බවත්, මේ සියලු උදව් උපකාර වෙනුවෙන් හරක්කටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් සහ වටිනා දේ අත දිගහැර ලබාදී ඇති බවත් විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More