දේශීය පුවත්

ජනපති රනිල් අමෙරිකාවට

September 17, 2023 7:10 am | Lanka Lead News

කියුබාවේ පැවති ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට ළඟා වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව පෙරේදා (15) දිනයේ ඇමතූ අතර, සිය කියුබානු සංචාරය තුළ දී ජනාධිපතිවරයා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය හෙට දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වැනි දින සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම සැසිවාරයට සමගාමී ව සැප්තැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශය සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බවත් වාර්තා වේ.

එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක් ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More