දේශීය පුවත්

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කෙරුණු පස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව එවකට කරුණු රැසක් හෙළිදරව් කරන ලද්දේ තමන් නොදැනුවත්වම කොළඹ සිට සයින්දමරුදු දක්වා බෝම්බ ප්‍රවාහනය කළ රථයේ රියැදුරා වන විතානගේ ශාන්ත ලාල් මහතා විසිනි.

ඒ වෙනුවෙන් ඔහුට රජය විසින් ලක්ෂ 50ක මුදලක් ද ලබාදුන් අතර ඒ වන විට බුද්ධි අංශ මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැන සිටියේ 5%ක පමණ ප්‍රමාණයක් බවත්, ශාන්ත ලාල් මහතා අනෙකුත් සියලු තොරතුරු ලබාදුන් බවත් ඒ මහතා හෙළිදරව් කරයි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම හෙළිදරව් කිරීම් හරහා දෙවැනි ප්‍රහාරය වැළකී ගිය බවටද තොරතුරු අනාවරණය වූ අතර එවකට පුවත්පත් පවා ඔහුගේ ඔත්තුව හඳුන්වා දී තිබුනේ දෙවැනි ප්‍රහාරය වැළැක්වූ දේශප්‍රේමී ඔත්තුව ලෙසය.

මෙම ප්‍රහාරයේ බොහෝ සාක්ෂි විනාශ වී ගියේ බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා බව ශාන්ත ලාල් මහතා දිගින් දිගටම චෝදනා නගයි.

අන්තර්ජාල නාලිකාවකට මෙම ප්‍රහාරය පිළිබඳව විශේෂිත තොරතුරු රැසක් ඔහු විසින් හෙළිදරව් කරනු ලබන අතර, එම විශේෂිත වීඩියෝව පහළින් නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More