දේශීය පුවත්

මාඕ ත්ස-තුං පෙන්වූ මග – පළවැනි ග්‍රන්ථය ‘පොතේගුරුවාදයට එරෙහිව‘ යන නමින් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතාගේ පරිවර්තනයෙන් එළිදක්වා තිබේ.

1921 ජූලි මාසයේ දී පැවැත්වුණු චීන පොදු නිෂ්පාදන පක්ෂය (චීන කොමියුනිස්ට් පක්ෂය) පිහිටුවීමේ ආරම්භක නියෝජිත සම්මේලනයට මාඕ ත්ස-තුං ද සහභාගීවී ඇති අතර, එම රැස්වීමට සහභාගීවූ දොළොස් දෙනාගෙන් කෙනෙකු වූවද පක්ෂයේ මුල් පෙළ නායකත්වයක් ඔහුට හිමි නොවූ බවත්, චීනයේ තරුණ ශිෂ්‍ය කණ්ඩායමක් වැඩිදුර අධ්‍යාපනය සඳහා සෝවියට් දේශය බලා පිටත්ව ගොස් ආපසු පැමිණි පසුව ඔවුන්ට ලොකු තනතුරු පිරිනැමුණ බවත් වරුණ චන්ද්‍රකීර්ති මහතා පරිවර්තනය කර ඇති මෙම කෘතිය තුළ කරුණු සඳහන් කර තිබේ.

මෙම වකවානුවේ දී කොමියුනිස්ට්  පක්ෂය තුළ ක්‍රියාත්මක වූ පොතේගුරුවාදය පිළිබඳව ද මෙම කෘතියේ කරුණු සඳහන් වන අතර, එයට එරෙහිව මාඕ ත්ස-තුං ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද කරුණු අඩංගු වී තිබේ.

මෙම තත්ත්වයන් පිළිබදව මාඕ ත්ස-තුං විසින් 1930 දී ලියූ ලේඛනයක් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා ‘පොතේගුරුවාදයට එරෙහිව‘ යන නමින් මෙසේ පරිවර්තනය කර පොතක් වශයෙන් එළිදක්වා තිබේ.

මෙම කෘතිය කොළඹ 08 ප්‍රෝග්‍රෙසිව් පබ්ලිෂිං හවුස් වෙතින් මිලදී ගැනීමට හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More