දේශීය පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් නව තොරතුරු අනාවරණය කර ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධ නඩුවෙි තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මෙි බව දැනුම් දී ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ තින්දුව සම්බන්ධව ⁣ගොනුකර ඇති මෝසම් සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම නඩුව බුවනෙක අලුවිහරේ, මුර්දු පුනාන්දු, එස්.තුරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ, ඒ.එච්.එම්.ඩී නවාස් සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසා ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ නව කරුණු චැනල් 4 නාලිකාව මගින් අනාවරණය වි ඇති බවත් දැනට ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සහාවක් පත් කර ඇති බවත් එබැවින් මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More