දේශීය පුවත්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කතාව නැවත කරළියට පැමිණීමේ හොඳ හා නරක පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

“පෞද්ගලික විශ්ව විද්‍යාල අතුරින් වෛද්‍ය පීඨ තමයි ඉතාම ලාභදායක වෙළෙඳාම. ඒ නිසා අධ්‍යාපන කඩවල මුදලාලිලා සැම විටම ඒ ලාභදායක ව්‍යාපාරයට අතගහන්න උත්සාහ කරනවා. දැන් පවතින ආපදා තත්ත්වය තුළ මහජන විරෝධයක් නැතිව වැඩේ කරගන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා ඇති. ඒත් ශ්‍රී ලංකාවේ කිසි දිනෙක පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරලා පවත්වාගෙන යන්න බැහැ කියන එක ඉතා පැහැදිලිය. ඊට හේතුවන කාරණා රාශියක් තියෙනවා.

1) ඒ වෙළෙඳාම සද්භාවයෙන් රටේ අවශ්‍යතාවක් පිරවීම සඳහා කරන දෙයක් නෙවෙයි. දැනට ශ්‍රී ලංකාවේ තිබෙන රජයේ වෛද්‍ය පීඨ ප්‍රමාණය හොඳටම ඇති. ඒවා ටිකක් වැඩිදියුණු කරන එක අමාරු දෙයක් නොවේ. සද්භාවයෙන් කරනවා නම් කරන්න ඕන පළමු දේ NVQ පාඨමාලා විශ්ව විද්‍යාල උපාධිය දක්වා පුළුල් කිරීම සඳහා මැදිහත් වීමයි. ඒ මගින් උසස් අධ්‍යාපනය අහිමි වූ විශාල පිරිසකට සහන සැලසෙනවා. ඒ වගේම විදේශ රැකියා අවස්ථා වර්ධනය වෙනවා.

2) ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා නිදහස් සෞඛ්‍ය සේවයේ පහසුකම් පෞද්ගලික අධාපන මුදලාලිලාට ලාභ ඉපයීමේ මාර්ගයක් බවට පත්කරගන්න ඉඩදීම වැරැදියි. ඒ මුදලාලිලාට උවමනා නම් අංග සම්පූර්ණ පෞද්ගලික වෛද්‍ය ආයතන ජාලයක් නිර්මාණය කරල වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොදාගන්නා අංශ තුළ රෝගීන්ට රජයේ සේවය වගේ නොමිලේ සේවා ලබාදිය යුතුයි. ඒක කළොත් ලෝකයේ වැඩිම පාඨමාලා ගාස්තු අයකරන්න සිදු වෙනවා. එතකොට රජයේ සම්පත් වලින් ලාභ උපයන්න බැහැ.

3) තුන්වන කරුණ ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව මහා ජීවිත පරිත්‍යාගයක් කරලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ ජීවිත පරිත්‍යාගය අමතක කරලා කිසි දිනෙක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එකඟවීමේ හැකියාවක් නැහැ. ඒක පිළිගන්න ඕන. සමහර රටවල සමහර දේවල් කරන්න බැහැ. අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න බැහැ.

4) හතර වැනි කාරණය ගැන නරක විදිහට කියන්න වෙනවා. අපේ සමහර අය කියනවා පිටරට වෛද්‍ය උපාධි ලබාගන්න සිසුන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයකරනවා. ඒවා ඉතිරි කරගන්න පෞද්ගලික වෛද්‍ය පිඨ අවශ්‍ය යැයි කියලා. එහෙම නම් කම්සැප හොයාගෙන තායිලන්තයට, සිංගප්පූරුවට යන අය වියදම් කරන මුදල් ඉතිරිකර ගන්න ලංකාවේ ඒවා නීතිගත කරන්න ඕන.

ඒ නිසා අපි කියන්නේ නැති අර්බුද ඇතිකරගන්න උත්සාහ කරන්න එපා කියලා. ඒක අවවාදයක් වගේම අනතුරු ඇඟවීමක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More