දේශීය පුවත්

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝබර් මස 02 වනදා ගොනු කරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ පෞද්ගලික දේශීය සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිත කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවය.

එම අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබාදීමට පෙර එය මාස 06ක් “සුපරීක්ෂණ කාලයකට” යටත් කළ යුතු වුවද මේ සඳහා අනුමැතිය ලබාදීමේදී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More