දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහාය ඇති ව ශ්‍රී ලංකාව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුළ ප්‍රහාරය පිළිබඳ වැරදි සහගත ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ජීනිවා නිත්‍ය නියෝජිතවරිය ඊයේ (13) මානව හිමිකම් කොමිසමේ 54 වන සැසිවාරයේ දී  ප්‍රකාශ කළාය.

එහිදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය කියා සිටියේ, අදාළ වාර්තාව සඳහා වැරදි සහගත, තහවුරු නොකළ, පක්ෂග්‍රාහී මුලාශ්‍රවලින් තොරතුරු ලබාගෙන ඇති බවය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමාලි අරුණතිලක මහත්මිය,

“මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ලිඛිත යාවත්කාලීන වාර්තාව මගින් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සහගත සහ තහවුරු නොකළ, පක්ෂග්‍රාහී මුලාශ්‍ර යොදා ගනිමින් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබෙනවා. ලක් රජය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මගින් ඒ පිළිබඳ විමර්ශනය කොට එහි වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිය දී මානව හිමිකම් මහකොමසාරිස්වරයා එවැනි සටහනක් තැබීම කනගාටුදායකයි. ශ්‍රී ලංකාව සිදු කළ විමර්ශනයට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, එෆ්.බී.අයි. සහ ඉන්ටපෝල් යන ආයතනවල ද සහාය ලබා ගැනුණා. 2022 අප්‍රේල් මාසයේ ඒ සම්බන්ධයෙන් 79 දෙනෙකුට අධිචෝදනා ගොනු කෙරුණු අතර, 2022 ජනවාරි 12 වෙනිදා ප්‍රහාරයට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරින්ට එරෙහිව ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එමෙන්ම මෑතක දී ප්‍රහාරය සම්බන්ධයෙන් පළවූ වාර්තා පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙන්ම ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More