දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක දක්වා පැමිණ ඇති බවටය.

එම ගමන් බලපත්‍රයේ ‘සේනාධීරගේ කරුණාරත්න’ යන නම සටහන්ව තිබී ඇත.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තමන් ගණේමුල්ලේ සංජීව බව පවසා ඇති බව හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊයේ රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත භාර දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More