දේශීය පුවත්

යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා හිමි දීමනා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රථිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වන බවය.

එලෙස තහවුරු කළ නොහැකි පිරිස් සඳහා සියලු දිමනා හිමි නොවන අතර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් හිමි වන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින වැන්දඹුවන් ඉදිරිපත් කළ ඉල්ලිම් සලකා බලා ඔවුන් වෙත සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More