දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හරක් කටාට රහස් පොලිසියේ රැඳී සිටි කාලය තුළ නිලධාරීන්ගේ සහාය ලැබී ඇත්දැයි සෙවීම සඳහා ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඒකකයේ සියලු නිලධාරීන්ගේ ජංගම දුරකතන වාර්තා ලබා ගෙන සියුම් පරීක්‍ෂණයක් ඊයේ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා රහස් පොලිසිය භාරයේ සිටියදී ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ දුරකතන දත්ත පිරික්සීම මීට පෙර ද සිදුවුණ ද හරක් කටාට උදවු උපකාර කළ බව කියන කොස්තාපල්වරයාගේ පළා යාමත් සමග හරක් කටා සම්බන්ධ විමර්ශන කෙරෙන සෙසු නිලධාරීන්ගේ දුරකතන දත්ත වාර්තා ලබා ගෙන ඒ සැක සහිත දුරකතන අංක සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් ඊයේ දියත් කර ඇත.

කෙසේ වෙතත් හරක් කටාට උදවු කළ බව කියන සැකකාර කොස්තාපල්වරයා ඊයේ හවස් වරුව වන විටත් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී නැත.

සැකකාර කොස්තාපල්වරයා සිද්ධිය වීමට පෙර විදේශ ගත වීම සදහා විදේශ ගමන් බලපත්‍ර බව සකස් කර තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රවිදු සංදිප ගුණසේකර (97402) නමැති මෙම කොස්තාපල්වරයා ඉකුත් අගෝස්තු 21 දින මෙම විදේශ ගමන් බලපත්‍රය සකස් කර ඇති බවත් ඔහු කුමන රටකට පලා යාමට සිටියේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් එම ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More