දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර පැයක පමණ කාලයක් සාකච්ඡාවක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෑත කාලීනව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ඇණ හිට තිබූ පසුබිමක පැවැත් වූ මෙම සාකච්ඡාව විශේෂිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවේ දී ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ලක් ව ඇති බවත්, සහන ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වී ඇති බවත් සඳහන්ය.

එමෙන්ම මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශපාලනික කටයතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More