දේශීය පුවත්

රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසට වූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. අලි සබිරි රහීම් මහතා ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවද නියෝජනය කරන මන්ත්‍රීවරයකු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

රහීම් මන්ත්‍රීවරයා කර ඇති විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට විමර්ශනයක් සඳහා යොමු කර ඇති හෙයින් මන්ත්‍රීවරයා කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීමෙන් ගැටලු සහගත තත්වයක් ඇති වන නිසා එම විමර්ශනය අවසන් වනතෙක් ඔහු සියලු කමිටු නියෝජනය නොකළ යුතු යැයි විපක්ෂනායකවරයා එම යෝජනාවෙන් ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More