දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහකොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදෙමින් මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය,

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම සඳහා සම්මත කරගැණුනු 46/1 සහ 51/1 දරන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත වාර්තාව එහි නිගමනයන් සහ නිර්දේශ ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇතුළු පිළිගත නොහැකි අන්තර්ගතයන් සහිත අදාළ යෝජනාවලට මූලික වශයෙන්ම එකඟවිය නොහැකි බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමාජික රටවල් බොහෝමයක් කටයුතු කළා. මෙය මානව හිමිකම් මණ්ඩලයේ සහ එහි සාමාජික රටවල සම්පත් අනවශ්‍ය ලෙස යොදා ගැනෙන නිශ්ඵල ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවේ අදහසයි. එබැවින් ඊට අප සහාය නොදක්වන අතර රටට සහ එහි ජනතාවට ප්‍රයෝජනවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනෙකුත් යාන්ත්‍රණයන්ට පමණක් අප ඵලදායි ලෙස සම්බන්ධවෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ මෙම ලිඛිත වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය සැබෑ ලෙස නිරූපනය වන්නේ නැහැ. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික, සාමාජීය සහ මුල්‍ය ස්ථාවරත්වය දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා.”

– අද දෙරණ –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More