දේශීය පුවත්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කිරීමට රෝහල් පහසුකම් තිබේදැයි නොසොයා, ඒ සඳහා අවශ්‍ය මහාචාර්යවරු, ආචාර්යවරු සිටී දැයි සොයා නොබලා, වෛද්‍ය විද්‍යාල විවෘත්ත කිරීම යනු කුලියාපිටියේ වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් විවෘත්ත කිරීම හා සමාන දෙයක් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමය,

“හැබැයි ඉතින් මේවා කරන්න ඉස්සෙල්ලා අපේ රටට කොච්චර වෛද්‍යවරුන් ඕනද වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කරන්න කොච්චර රෝහල් පහසුකම් තියෙනවද, ඒවට අවශ්‍ය මහාචාර්යවරු ආචාර්යවරු කොහෙන්ද හොයා ගන්නේ කිසිම දෙයක් නැතුව ඔන් අපි විවෘත කරනවා ඒකත් හරියට කුලියාපිටියේ වොක්ස් වැගන් කර්මාන්තශාලාව වගේ තමයි.

දැනටමත් අපේ රටේ ප්‍රධාන වෛද්‍ය පීඨ තුනකට අවශ්‍ය මූලික පහසුකම් ටික වත් නෑ වයඹ සබරගමුව සහ මොරටුව ළමයි පාරේ උද්ඝෝෂණය කරනවා , රුපියල් මිලියන දෙසීයක් වෙන් කරලා ඌව වෙල්ලස්සේ වෛද්‍ය පීඨයක් ලෙස නම යෝජනා වෙනවා.

මිලියන 200කින් එක බිල්ඩිමක් ගොඩනගන්නත් බෑ. මේ පාර ළමයි 50 බඳවා ගන්නවා.

අවුරුදු පහක් වෙලත් වයඹ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකය හදාගන්න බැරි වෙච්ච රජයන් මේකටත් එහෙම කරයි එතකොට ඒ ළමයිත් අසරණයි මේ අවනඩුව කාටද කියන්නේ. මේ දුෂ්ඨ පාලකයන්ට කිව්වට වැඩක් නෑ.

වෛද්‍ය ශිෂ්‍යයෝ ඒවා සම්පූර්ණ කරලා දෙන්න කියලා පාරේ උද්ඝෝෂණ කරන තත්වයට පත්වෙලා.

මේකෙදි සැලකිය යුතු ප්‍රධානම කාරණාව තමයි අපේ රටේ උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට වෛද්‍ය විද්‍යාලයට යන්නේ අවුරුදු 21 සහ 23 අතර කාලසීමාවේදී.

අපේ රටේ ජාතික පාසල් පද්ධතිය හැකිලෙමින් ජාත්‍යන්තර පාසල් වඩාත් පුළුල් වෙමින් එනවා.

ජාතික පාසල් වල ළමයි ලක්ෂ හතළිස් තුනක් අතරින් කොටසක් අවුරුදු 19 දී උසස් පෙළ ලියන කොට ජාත්‍යන්තර පාසල් වල ළමයි උසස් පෙල ලියලා අවුරුදු තුනක් පහුවෙලා ඔවුන් එම විභාගය අවසන් කරන්නේ අවුරුදු 16 දී.

මේ යන විදියට ගියොත් ජාතික පාසල් වල ළමයි වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙනකොට ජාත්‍යන්තර පාසල් වල ළමයි වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරු වශයෙන් එළියට එනවා මුදල් නිසා.

මුදල් නිසාම ජාතික පාසල්වල ළමයින්ට වඩා අවුරුදු 5ක් ජේෂ්ඨත්වය අතින් ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත ළමයි වෛද්‍යවරුන් හැටියට එළියට එන්න අවශ්‍ය පහසුකම් තමයි මේ සැලසෙන්නේ මේක බරපතළ අසාධාරණයක් නෙමෙයිද?.

එතකොට ජාත්‍යන්තර පාසල් වල ළමයි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා විදේශ රටවලට විශාල මුදලක් වැය කරනවා මේවා ගැන කිසිවෙක් කතා කරන්නේ නෑ ඒවා අපේ රටේ විදේශ විනිමය නොවේද?.

ඒ වගේම රුපියල් කෝටියක් වියදම් කරලා රුපියල් පනස් හතර දහසක මාසික වැටුපක් ගන්න මුදල් ආයෝජනය කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව තේරුම් ගන්න විට නැව ගිහිල්ලා තියෙන බව තේරුම් ගන්න ප්‍රමාදයි.

මෙය විශ්ව මානව හිමිකම් කොමිසමේ ප්‍රඥප්තිය අමු අමුවේම උල්ලංඝනය කිරීමක්.

සැලකිය යුතු ප්‍රධාන කාරනා ඉටු කරන්නේ නැතිව මේ රටේ සෞඛ්‍යය සහ මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන මෙවැනි කාරණා වලට කිසිසේත් එකඟ විය නොහැකි ය.

දැන් කොහෙන්ද මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ආචාර්යවරු මහාචාර්යවරු කාර්ය මණ්ඩලය.

රට යන්න බැරි කණ්ඩායම ඒවට ගියාම රජයේ වෛද්‍ය පීඨ ටිකක් කඩාගෙන වැටෙනවා ඇයි පාලකයන්ට මේක තේරුම් ගන්න බැරි.

අනාගතයේ අධිකරණ ක්ෂේත්‍රයට ලොකු වැඩ කොටසක් තියෙනවා මානව හිමිකම් නඩු වලින් අධිකරණය පිරේවී.

ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය පිඨ ශිෂ්‍යයන්ගේ දෙමාපියන් වශයෙන් අපිත් මූලිකව මැදිහත් වෙලා කටයුතු කරනවා රටේ ළමයින්ට සිදුවන අසාධාරණය වෙනුවෙන්”

– වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More