දේශීය පුවත්

රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඊයේ (11 ) නිවේදනය කළේ, රුසියාව සිය අපනයන වලින් රැස්කරගෙන ඇති “ඉන්දියානු රුපියල් බිලියන ගනනක්” සඳහා විවිධ ආයෝජන විකල්ප යෝජනා කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවයි. ඉන්දියාව සත්කාරකත්වය දරන G20 සමුළුවෙන් අනතුරුව නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව්  මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත අදහස් දක්වමින් ගෙවීම් ගැටළු ඇතුළු ද්විපාර්ශ්වික කාරණා සම්බන්ධයෙන් මොස්කව් සහ නවදිල්ලිය නිරන්තරයෙන් එකිනෙකා සමඟ සම්බන්ධ වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

“මම මෑතකදී මගේ ඉන්දියානු සගයා වන එස් ජයශංකර් හමුවී වෙළඳ බේරුම්කරණ ප්‍රශ්නය ඇතුළු ද්විපාර්ශ්වික කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. වත්මන් ගෝලීය ආර්ථික තත්ත්වය තුළ ඉන්දීය බැංකු ගිණුම්වල රුපියල් බිලියන ගණනින් රුසියාවේ මුදල් එකතු වී තිබෙනවා. ඒවා භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව අපි මේ වන විටත් සාකච්ඡා කරමින් සිටිනවා. අපගේ ඉන්දියානු මිතුරන් මෙම අරමුදල් ආයෝජනයක් ලෙස භාවිතා කළ හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පොරොන්දු වන බව දන්වා තිබෙනවා. ”ලැව්රොව් මාධ්‍ය වෙත පැවසීය.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් විදේශ විනිමය ගෙවීම්වල දුෂ්කරතා මධ්‍යයේ වුවද ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික ගිවිසුම් සැලසුම් කළ පරිදි ප්‍රගතියක් ලබා තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මීට පෙර, ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ, S-400 Triumf ගුවන් ආරක්ෂක පද්ධතියේ ඉතිරි කොටස් ඉන්දියාවට ලබා දීම ඇතුළු මොස්කව් සහ නවදිල්ලිය අතර ප්‍රධාන ආරක්ෂක ගනුදෙනු සඳහා ගෙවීම් ගැටළු බලපා ඇති බවයි. කෙසේ වුවද රුසියානු ආරක්ෂක නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් කටකතා ප්‍රතික්ෂේප කර ඇති අතර, ගනුදෙනු සහ බෙදා හැරීම් නියමිත පරිදි සිදුවන බව පවසති.

ගෙවීම් රාමුව ස්ථාපිත කිරීමෙන් පසු ඔවුන්ගේ වෙළඳ ගනුදෙනු රුපියල් වලින් පියවීමට ඉන්දියාව සහ රුසියාව මුලින් එකඟ වුවද, අපේක්ෂා කළ තත්වයට ළඟා වීමට සකස් කළ පද්ධතිය අසමත් විය.කෙසේ වුවද නවදිල්ලිය සැලකිය යුතු ප්‍රමානයකින් රුසියානු තෙල් මිල දී ගැනීම හේතුවෙන් මොස්කව් පරිපාලනය ඉක්මනින් රුපියල් බිලියන ගණනක අතිරික්ත ලාභයක් රැස් කර ගත්තේය.

පසුගිය වසර පුරා රුසියාව ඉන්දියාවට තෙල් සපයන ප්‍රමුඛයා බවට පත් විය. නැඟෙනහිර දෙසට ඛනිජ තෙල් නැව්ගත කිරීම් හරවා යවන අතරම, දෙරටම ඔවුන්ගේ වෙළඳ ගනුදෙනුවලින් වැඩි කොටසක් අදාළ ජාතික මුදල්වලින් නිරවුල් කරගැනීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, ඉන්දියාවෙන් කරනු ලබන රුසියානු තෙල් ආනයනය එකතැන පල්වෙමින් පවතින බැවින්, ඉන්දියානු මුදලින් රුසියානු බැංකු සඳහා ගෙවීමට හැකියාව තිබෙන ඉන්දියානු බැංකු සතුව ඇති විශේෂ වොස්ට්‍රෝ ගිණුම්වල රුපියල් බිලියන 40 කට වඩා වැඩි මුදලක් එකතු වී ඇත. එයට හේතුව වන්නේ දේශීය මුදල් සීමා කිරීම් හේතුවෙන් රුසියානු සමාගම්වලට මෙම ඉන්දියානු රුපියල් ආපසු ගෙන්වා ගැනීමට නොහැකි වී තිබීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More