දේශීය පුවත්

චැනල් 4 විසින් නිකුත් කරන ලද සැක සහිත වාර්තා චිත්‍රපටය පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි. Debunking Channel 4( How RAW and SIS) worked together to prevent Easter attacks in Sri Lanka මැයෙන් චැනල් 4 වාර්තාව ගැන එම වෙබ් අඩවියේ ලිපියක් පළ කර ඇත.

චැනල් 4 වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමික අන්තවාදී මතවාදයේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකරන බවත්, මේ වැඩසටහන හරහා ඉන්දීය උප මහාද්වීපයේ ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාර හෙළිදරව් කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ඉන්දීය සහ ශ්‍රී ලංකා බුද්ධි අංශ දෙකෙහිම නිලධාරීන්ට අගෞරවයක් සිදුකර ඇති බවත් එහි සඳහන් කර තිබේ.

රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ බලයේ උච්චතම අවස්ථාවේ දූෂණයෙන් පිරුණු ඔවුන්ගේ ඥාති සංග්‍රහ ප්‍රතිපත්ති විවේචනය කිරීම සත්‍ය විය හැකි නමුත්, රාජපක්ෂ පාස්කු ප්‍රහාරයේ කොටසක් ලෙස හුවා දක්වන චැනල් 4 වාර්තා චිත්‍රපටය ඉස්ලාමික රාජ්‍ය සංවිධානයේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකිරීමේ නින්දිත උත්සාහයක නිරතවී ඇති බව එමගින් පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More