දේශීය පුවත්

දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය.

එම නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා ලබාගන්නා දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු අතර, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන් රජයේ ස්ථීර නිලධාරිනියකට නිවාඩු ලබාගැනීමට හැකියාව පවතී.

එලෙසම රජයේ ස්ථීර නිලධාරියකු සඳහා කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් වැඩ කරන දින 03ක විශේෂ පිතෘත්ව නිවාඩුවක් ලබාගැනීමට ද හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එම චක්‍රලේඛය මේ වසරේ ජුනි මස 26 වැනි දින සිට ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More