දේශීය පුවත්

මාඕ නම් කවියා

September 10, 2023 7:45 am | Lanka Lead News

චීනය චීනයටම අනන්‍ය වූ සමාජවාදී මාවතකට අවතීර්ණ කර ගැනීමට දැවැන්ත කැපවීමක් කරමින් අධිරාජ්‍යවිරෝධීන්ට එරෙහි සටන ජයග්‍රහණයෙන් අවසන් කළ අසාහය නායක මාවෝ සේතුන්ග් මහතාගේ‘ 47 වැනි ගුණසමරුම සැප්තැම්බර් 09 දාට යෙදී තිබේ. මාවෝ සේතුං සතු සාහිත්‍ය හැකියාව අගයනු වස් ඔහු විසින් රචිත පහත කවිය මෙසේ පළ කරමු.

හිම

උතුරු බිමේ දසුන:
ලී දහසක් මිදුණු හිමෙන් වැසී ගොසිණි.
ලී දස දහසක් දුරට හිම පියැලි විසිරෙයි.
මහ පවුරේ ඇතුළත සහ පිටත
ඉතිරි වී ඇත්තේ
නිමක් තෙරක් නැති
සුදු ම සුදු යායකි.

කහ ගඟේ මුල සිට අගට ම
එක්වර ම ජල කඳ නැගී සැඟැවී යයි.
කඳු වැටි
නටන රිදී පැහැති
පිඹුරන් වැනි ය;
සානු මත කඳු ශිඛර
දුවන සුදු ඇතුන් රළක් බඳු ය.
උන් සියල්ල ම සිතන්නේ
දෙව්ලොව පරයා යෑමට ය.

දිදුළන දිනයක්
උදාවන තෙක් බලා සිටිය යුතු ය,
බලන්න
රතු පැහැති හිරු රැස්
සුදෝ සුදු හිම සමඟ
අලංකාරය බෙදාගන්නා අයුරු.
කියන්නත් බැරි තරම්
සුන්දරයි.

මේ තරම් සුන්දර මවුබිමේ
මොන තරම් එකිනෙකා පරයන විරුවන් බිහි වී ඇති ද?
ඒත් කණගාටුව වන්නේ
පළමු මහ අදිරද සහ හන් වූ අදිරද
සාහිතයෙහි පොහොසතුන් නොවීම ය;
ථැයි-ත්සුං අදිරද සහ ථැයි-ත්සූ අදිරද
පාලනයෙහි සුහුරුන් නොවීම ය.
ලොවම තම අණසකට ගත්
චෙන්ගිෂ් ඛාන්
දුනු ශිල්පයෙහි සහ රාජාලියන් විද බිම හෙලීමේ
සුරුවෙක් පමණක් ම විය.
විශ්මිත අරමුණු සපුරාගත්
ශ්‍රේෂ්ඨ විරුවන් ලෙසින් හැඳින්විය හැකි
ඒ උතුම් මිනිසුන් සියල්ල දැන් ලොව හැර ගොසිණි.

එහෙයින්, බලන්න
සැබෑ විරුවන් සොයාගත හැක්කේ
අද වසන මිනිසුන් අතරින් ම ය.

පරිවර්තනය : ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

(මාඕ නම් කවියා

මාඕ ත්ස-තුං කියන්නේ විප්ලවවාදීයෙක්, චින්තකයෙක්, යුද උපක්‍රම පිළිබඳ විශේෂඥයෙක්, දක්ෂ රාජ්‍ය පාලකයෙක් වගේ ම ඉතාමත් ශූර කවියෙක්. මේ එක්ක පළ කරන කවිය කියවලා බලන්න.

චීන ඉතිහාසයේ බලවත් අධිරාජයන් පස් දෙනෙක් ගැන කියන කතාවේ නම් සහ පසුබිම අපේ අයට හුරු නෑ තමයි. ඒත් ඒ ඔක්කොම කියන්නේ කොහොම ද? චීන අකුරු 104 කින් ලියන මේ කවිවල විරිත ගැනත් කියන්න තියෙනවා නම් හොඳයි. ඒ වගේ ම, මේ කවිය ලිවීම සහ එය ප්‍රසිද්ධ කිරීමට අදාළ කතාවත් රසවත් එකක්. ඉතින් මේ කවිය ගැන විතරක් පොතක් වුනත් ලියන්න පුළුවන්.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More