දේශීය පුවත්

මූල්‍ය සමාගම් කඩාවැටීමට මෙන්ම, ඒ හරහා ජනතාව අසරණභාවයට පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයද බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මේ ප්‍රශ්නයට පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසු බවද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා,

“ඇතැම් මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා විශාල පිරිසකට අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. මේක පසුගිය වසර 20 පුරාම සිදුවුණා. ජනතාව මෙහෙම අසාධාරණයට ලක්වීමට මහ බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා. මහ බැංකුව මේ සමාගම් ලියාපදිංචි ඒව කියල වාර්තාවක් ඉදිරිපත් කර ජනතාවට විශ්වාසයක් දෙනවා. එතකොට ජනතාව ඒවායේ මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා ඒ ආයතන කඩා වැටුණම මුදල් ලැබෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙන්න මමත් උත්සහ කළා. දැන් තියෙන නීති ක්‍රමය තුළ සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More