සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වන අතර ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණි.
මේ අතර ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වු සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ සෞඛ්‍ය අර්බුදය වසන් කිරීමට පියවර ගන්නා සෑම රාජ්‍ය නිළධාරියෙකුට ඉදිරියේ නීතිමය පියවර ගන්නා බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...