දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (7) ලිපියකට අත්සන් තැබූහ.

හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාටද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.
මෙම රැස්වීම සඳහා තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය චරිත හේරත්,වීරසුමන වීරසිංහ මහත්වරු ද අතුරලියේ රතන හිමි ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි.

මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න සදහා දයාසිරි ජයසේකර මහතා දැක්වූ අදහස් 

ඩිලාන් පෙරේරා දැක්වූ අදහස් 

උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More