දේශීය පුවත්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය වශයෙන් නොව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සුදානම් බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව දුෂණ විරෝධි පනත සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.

චැනල් 4 නාලිකාව ඩයස්පෝරාවට හිතවාදී නාලිකාවක් බවත් කෙසේ වෙතත් ඔවුන් විකාශනය කරන පරිදි යම් සිද්ධියක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් අමාත්‍යවරයා එහි දී පැවසීය.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න ආසන්න වන විට අපේ රටට විරුද්ධව විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරනවා. ඩයස්පෝරාව විවිධ දේවල් කරනවා. අපි ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ඩයස්පෝරා නායකයන් සමඟ සාකච්ඡා කළා.

මේ පාස්කු ප්‍රහාරය සිදුවෙන්න මාස 29කට පෙර මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ කාලයේ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු අය මට චෝදනා කළා. ජාතික සමගිය නැති කරන්න මම මේ ප්‍රකාශය කළා කිවුවා. අද විපක්ෂයේ ඉදලා දැඩි උනන්දුවෙන් සමහර අය කථා කරනවා. මම එදා ඒ ප්‍රකාශය කරන කොට අද කථා කරන, කෑ ගහන අය අමාත්‍ය මණ්ඩලයේ හා ආණ්ඩුවේ හිටියා.

කොරහේ කිඹුල්ලු දකින්න එපා මේ රට ලේ විලක් කරන්න එපා කියලා මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා වගේ අය මට චෝදනා කළා. නමුත් මාස 29කට පස්සේ සියලු දෙනාගේ ඇස් ඇරුණා. මගේ ප්‍රකාශය ගැන එදා සොයා බැලුවා නම් අදත් ඒ මිනිසුන් ජීවත් වෙනවා.

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකාරයෙක් ඉන්නවා කියලා ප්‍රකාශ වුණා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යන දවසේ තමයි මහ මොළකාරයෙක් ඉන්නවා කියන කතාව කිවුවේ. ඔහුට මේ ප්‍රකාශය විශ්‍රාම යන දවසේ කියන්නේ නැතිව එතුමාගේ කාලය තුළ සොයා බලන්න තිබුණා. නමුත් එතුමාගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ගන්න යනකොට අධිකරණ නියෝග ලබා ගන්නවා ප්‍රකාශ ලබා ගන්න එපා කියලා.

දැනට පාස්කු ප්‍රහාරය ගැන නඩු 42ක් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය වශයෙන් නොවෙයි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස අපි සුදානම්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More