දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට හේත්තු කිරීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් ලෙස තමා පක්‍ෂයෙන් ඉවත් කිරීම සිදු වූ බවත්, ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබාගත් පිරිසගේ එම කුමන්ත්‍රණයට අවසානයේ මෛත්‍රිපාල සිරිසේන මහතා හසු වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තලවතුගොඩදී ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද පැවසීය.

“තනතුරු කියන ඒවා මට එච්චර ලොකු නැහැ. මම බලය තිබියදී වගේම බලය නැතිවත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා මම පක්‍ෂයේ සංවිධායකයන්ගෙන් හා පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මම පක්‍ෂය අතහැර යන්නේ නැහැ. නැවත පක්‍ෂය නැගිටුවනකන් ඉවසීමෙන් ඉන්න කියලයි. මම පක්‍ෂය දාල කොහෙවත් යන්නේ නැහැ. විපක්‍ෂයේ අනෙකුත් බලවේග සමග එකතුවෙලා නැවත පක්‍ෂය නඟාසිටුවීමයි මගේ අරමුණ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා උදේ ඉඳලාම මාත් එක්ක එකට හිටියේ. එතුමා මගේ කිසිම ගැටලුවක් ගැන මට නොකියා, හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ රෑ මට ලියුමක් එවනවා, මාව අස්කලා කියලා. මට හිතාගන්නවත් බැරි වුණා. ඒක ඉතින් එතුමාට පුරුදු ඇති. නමුත් මට ඒවා පුරුදු නැහැ.

ආණ්ඩුවේ ඇමැති ධුර ගත්ත පිරිසක් පක්‍ෂයට ඇතුළුවෙලා පක්‍ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවා. මෛත්‍රිපාල සිරිසේන මහතාට මම සැලකුවේ තාත්තා කෙනකුට වගේ. තාත්තා පුතාගේ බෙල්ල කපන එක තමයි හිතාගන්න බැරි.

කොහොම වුණත් මේ ඉවත් කිරීමට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පක්‍ෂයෙන් ඉවත් වෙලා ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න අයට පුළුවන් නම් පක්‍ෂය ඇතුළට ඇවිත් අපිව එළියට දාන්න කොහේවත් නොගිහින් පක්‍ෂය ගොඩදාපු මට බැරි වෙන්න බැහැනේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More