මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ විදෙස් නාලිකාව මගින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම පදනම් විරහිත එකක් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.
එහිදී අදහස් දැක් වූ ඒ මහතා,
“චැනල් ෆෝ නාලිකාව අපි කියවගත යුත්තේ ලෝක භූ දේශපාලනයේ න්‍යාය පත්‍රවල හැසිරීමත් සැලකිල්ලට ගෙනයි. වරින් වර මෙවැනි සිදු වීම් සහ වැරදි තොරතුරු සමාජගත වීම සිද්ධ වෙනවා. ගානියා බැරිස්ටර් ගොතපු කතාවත් එහෙම්මයි. චැනල් ෆෝ නාලිකාවත් මේ ගොතපු කතාව පදනම් විරහිත එකක්. මේ අසාද් මවුලානා කියන පුද්ගලයා ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ඉල්ලන කෙනෙක්. ඔහුගේ වත්කම් ගැනත් කතාවුණා. ඔහු කියන කාරණාවේදී මෙහි තිබෙන හාස්‍යජනක කරුණ තමයි සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන එන්න මුස්ලිම් ගැහැනියක් සහ පුද්ගලයන් නවදෙනකු මරා ගෙන මැරෙන එක. මෙය චිත්‍රපටියක සිදු වන දෙයක් වගෙයි”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...