දේශීය පුවත්

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බැව් පැවසුවේ ජාතික ජන බලවේගය ඊයේ (06දා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

“චැනල් ෆෝ නාලිකාව තුළින් මව්ලානා හෙළිකරන තොරතුරු අනුව නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති පිල්ලෙයාන් සහ දැනට රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන, සුරේෂ් සලේ මේ කණ්ඩායමත් සමග ඍජුව ගනුදෙනු කළ බව පැහැදිලියි. මේ වාර්තාව නිකුත් කරන බව ප්‍රචාරය කළ සැනින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී මව්ලානා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කළා. නමුත් මේ මව්ලානා ගෝඨාභය රාජපක්ෂ, පිල්ලෙයාන් එක්ක සිටින ඡායාරූප හමුවී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති ධුරයේ නැහැ. ඒ නිසා ඔහුට මුක්තිය නැහැ. ආරක්ෂක ඇමැතිවරයාට ඕනෑම වෙලාවක දැන් පුළුවන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබුණු චෝදනා සියල්ල නැවත විභාගයට ගැනීමේ ක්‍රියාමාර්ග සලසන්න. රනිල් වික්‍රමසිංහගේ වගකීම ඒ නඩු කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් දීමයි. චෝදනා තිබෙන සුරේෂ් සලේ තාමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඔහු එම තනතුරේ තබාගෙන පරීක්ෂණ සිදුකිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහට ජාතික ජන බලවේගයේ අපි බලකර කියන්නේ සුරේෂ් සලේව වහාම තනතුරෙන් ඉවත් කරන්න කියලයි. ඒ වගේම ඔහුට සහ පිල්ලෙයාන්ට විරුද්ධව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More