දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබිය දී අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපොළ තමාට අයත් බව කියමින් ඉජ්ජාල් අහමඩ් යන අයට එම දේපොළ මුදා හරින ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) ප්‍රතික්ෂේප කර ඇත.

ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය අතර, ඔහු දෙමටගොඩ මහවිල ගාඩ්න්ස් හී පදිංචි ව සිටි බව වාර්තා විය.

මේ අතර, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් ජහරාන් නොහොත් මොහොමඩ් අබු උබෙයිදා නොහොත් මොහොමඩ් සහරාන්, ඔහුගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස 06 වනදා කැදවන ලෙස ද කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, මියගිය ස්වයං ඝාතක බෝම්බකරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, මොහොමඩ් මර්සුක් අයතුල්ලා, මොහොමඩ් ඉල්මි යන අයවළුන්ට මහාධිකරණයේ නඩු පවරා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More