දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පටු දේශපාලන අරමුණු සඳහා තම නම භාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අද(06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ථවාදී කණ්ඩායම විසින් භාර ගෙන තිබූ බවත් ප්‍රහාරය සිදු කිරීමේ අරමුණ කුමක් ද යන්න පිළිබඳව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය තුළ පැහැදිලිව වාර්තා කර තිබූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ චැනල් 4 නාලිකාවට සාක්ෂි ලබා දුන් හන්සීර් අසාද් මවුලානා සිද්ධිය වෙනත් පැත්තකට හැරවීම සඳහා උත්සාහ ගන්නා බවට සැක පහළ වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්,

” ආගම වෙනුවෙන් සියදිවි නසා ගැනීමට වුවත් පොරොන්දු දෙන පුද්ගලයින් ඉන්නවා. ඒ වගේ අයට සියදිවි හානි කරන්න පෙළඹවීම් ඇති කරන ආගම්, දේශපාලන පක්ෂ හා ජත්‍යාන්තර බලවේග ඉන්නවා. ඒ අයව බේරගන්න අසාද් මවුලානා සාක්ෂි දීලා තියනවා කියලා සැක හිතෙනවා.”

එමෙන්ම මෙය තවත් නොසන්සුන්තාවයක් රට තුළ ඇති කිරීමට දරන උත්සාහයක් විය හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහු සඳහන් කළේ 2015-2020 දක්වා තමන් බන්ධනාගාර ගතව සිටි අතර එවැනි පසුබිමක මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධ වීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව අසාද් මවුලානා දේශපාලන රැකවරණය පතා පිටරට ජීවත් වීමට රට පාවා දෙන බවයි මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් වැඩිදුරටත් පැවසුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More