ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (26දා) පැවති පළමු හා එකම පුහුණු එක්දින තරගයෙන් ලකුණු 63ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 293ක් රැස්කිරීමට සමත් විය. රීසා හෙන්ඩ්‍රික්ස් (59), විලියම් මුල්ඩර් (56) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (2/48), ප්‍රභාත් ජයසූරිය (2/46) හා නිෂාන් පීරිස් (2/47) පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට පන්දුවාර 44.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 230ක් පමණි. දිමුත් කරුණාරත්න (50), ඉසුරු උදාන (53) අර්ධ ශතක රැස්කළත් ඔවුන්ට කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යා නොහැකි වූහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් විලියම් මුල්ඩර් (3/12), ටබ්‍රේස් ෂම්සි (3/41) කඩුලු 03 බැගින් දවාළුහ.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළඹෙන ඉරිදා (29දා) දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...