දේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව ඊයේ (05) විකාශය කිරීමට නියමිත මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබුණි.

එම වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ, මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සුරේෂ් සලේ මහතා සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් මෙම වීඩියෝව සකසා ඇති බවය.

ඊට අනුව මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇත්තේ පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශකි.

අද නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටයට අනුව එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවය.

ඊට පෙර සයිනී මවුලවී නමැත්තා හමුවන ලෙස උපදෙස් දුන් බවත් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

පසුව ඔහු පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව දැනගත් බවද අසාද් මවුලානා එහිදී ප්‍රකාශ කරයි.

රැස්වීම අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ මහතා රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත බවක් ඇතිකිරීමට අවශ්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත් පැවසීයැයි අසාද් මවුලානා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් චැනල් 4 නාළිකාව පවසන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රතිචාර නොදැක්වු අතර සුරේෂ් සලේ මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවය.

සහරාන් ඇතුළු පිරිස හමුවී යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ සිටි අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට ඉන්දියාවේ රැඳී සිටි බව සලේ මහතා පැවසූ බවද චැනල් 4 නාළිකාව පවසයි.

– අද දෙරණ –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More