දේශීය පුවත්

විදුලි බිල යළි වැඩිවෙයි ද?

September 6, 2023 7:50 am | Lanka Lead News

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති බව ද එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

“IMF එක නැවත වරක් විදුලි බිල මේ වසරේ වැඩිකරන්න යෝජනා කරලා තියෙනවා ඊයේ දිනයේ. මේ තියෙන්නේ ඒ යෝජනාවලිය. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා ආණ්ඩුව වසරකට දෙවරක් තමයි විදුලිබිල වැඩිකරන්නේ කියලා. තුන්වෙනි වරත් වැඩිකරන්න හැදුවා ඒක අසාර්ථක වුණා. මේ වසරේ හතරවෙනි වතාවේ මේ විදුලි බිල වැඩිකරන්න උත්සාහ දරනවා. විදුලි බිල වැඩිකරන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා තමයි විදුලි ගාස්තුව 56%කින් වැඩිකරන්න හදන්නේ. මේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ලැබෙනවා. අපි කියනවා මේක ප්‍රතික්ෂේප කරන්න කියලා. මේක පනතට පටහැනියි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More