පුරවැසි කොලම

13 වන ව්‍යවස්ථා සංශෝධනය සමිපූර්ණයෙන් ක්‍රියාත්මක කර උතුරු-නැගෙනහිරට පූර්ණ බලතල බෙදීමක් සිදු කොට දෙමළ ජාතික ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කිහිප වරක්ම පාර්ලිමෙින්තුව අමතා ප‍්‍රකාශ කළේ ය.

උතුරුනැගෙනහිර දෙමළ ජාතික ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදිය හැක්කේ උතුරුනැගෙනහිර ද‍්‍රවිඩ දේශපාලන පක්ෂවල අඛණ්ඩ ඉල්ලීම් ඉටු කිරීමෙන් පමණකි.

උතුරු-නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අඛණ්ඩ ඉල්ලීම් මොනවාද?

ද්‍රවිඩ බෙදුමිවාදීන්ගේ අඛණ්ඩ ඉල්ලීම – පූර්ණ පෙඩරල් රාජ්‍යයක්

1949දී චෙල්වනායගමි මහතාගේ නායකත්වයෙන් පෙඩරල් පක්ෂය පිහිටුවන ලද දිනයේ සිටම එහි ඉලක්කය වූයේ උතුරුනැගෙනහිරට ස්වයංතීරණ අයිතිය සහිත පූර්ණ පෙඩරල් පාලනයක් ලබා ගැනීමයි.

මෙි ඉල්ලීමට කරුණු 4 ක් ඇතුළත් විය: (1. දෙමළ ජනතාව සිංහල ජාතියෙන් වෙනස් වෙනම ජාතියක් වශයෙන් පිළිගැනීම (2. උතුරුනැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගැනීම (3 උතුරුනැගෙනහිර පලාත් එකතු කර එහි භූූමිප‍්‍රාදේශීය අඛණ්ඩතාව සහතික කිරීම (4 දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගෙන උතුරු-නැගෙනහිරට පූර්ණ පෙඩරල් පාලනයක් ලබාදීම

1957 දී ති‍්‍රකූණාමලයේ පැවති තමිල් අරසු කචිචි පක්ෂයේ සමිමෙිලනයේදීත් 1976 මැයි මස යාපනේ වඩුක්කොඩෙිදී පැවති ද‍්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආරමිභක සමුළුවෙිදීත් 1985 තිමිපු සාකචිඡුාවලදීත් 2012 මඩකලපුවෙි පැවති ද‍්‍රවිඩ ජාතික සංධාන සමුළුවෙිදීත් 2016 නව ව්‍යවස්ථා කෙටුමිපත පිළිබඳ පැවති පාර්ලිමෙින්තු සාකචිඡුාවලදීත් ද‍්‍රවිඩ දේශපාලන පක්ෂ මෙි යෝජනා මෙි ආකාරයටම ඉදිරිපත් කර තිබුණි..

ඉකුත් 74 වසර තුළ ද‍්‍රවිඩ දේශපාලන පක්ෂ සියලු අරගල දියත් කරන ලද්දේ මෙි ඉලක්කය මුදුන් පමුණුවා ගැනීම සඳහා ය.

එදා සිට මෙි දක්වා ඔවුන්ගේ මෙි ඉලක්කය ඔවුන්ගේ ඉල්ලීමි අංශු මාත‍්‍රයකින් වෙනස් වී නැත. ඔවුන් එක අඩියක් පස්සට ගැනීමට සූදානමි නැත. ඉලක්කය එසේම තබා ගෙන ඉලක්කය මුදුන් පත්කර ගැනීමෙි උපායමාර්ගය බහුතරයට බලපෑමි කළ හැකිවන පරිදි සූක්ෂ්ම ලෙස වරින්වර වෙනස් කරයි.

දෙමළ ජනතා ප‍්‍රශ්නයට විසඳුමි පතා මෙි දක්වා මෙි රටෙි පැවති සියලු ආණ්ඩු උතුරේ ද‍්‍රවිඩ දේශපාලන පක්ෂ සමග පවත්වන ලද සියලුම සාකචිඡා වලදී , ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර 1980 දශකයේ පැවති තිමිපු සාකචිඡුා වලදී, සර්වපාක්ෂික පාර්ලිමෙින්තු සාකචිඡුා වලදී, යහපාලන ආණ්ඩු සමයේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පැවති සාකචිඡුා වලදී * ඔවුන්ගේ කිසිදා නොවෙනස්වන ප‍්‍රධාන ඉල්ලීම වූයේ උතුරුනැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිම වශයෙන් පිළිගෙන, එහි භූූමිප‍්‍රාදේශීය අඛණ්ඩතාව සහතික කොට, උතුරුනැගෙනහිරට පූර්ණ පෙඩරල් පාලනයක් ලබාදිය යුතු බවයි

2016 වසරේ පාර්ලිමෙින්තුවෙි පැවති ව්‍යවස්ථා කෙටුමිපත පිළිබඳ සාකචිඡුාවෙිදී සමිබන්ධන් මහතා ද‍්‍රවිඩ දේශපාලන පක්ෂ ඉල්ලා සිටින බලය බෙදීම ක‍්‍රියාත්මක විය යුතු ආකාරය මෙසේ පැහැදිලි කළේ ය:

x ’ ශ‍්‍රී ලංකාවෙි උතුරු-නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික නිජබිමය යන කාරණය, බලතල ක‍්‍රියාත්මක කිරීමෙිදී කිසිසේත් අත්හැරිය නොහැකි කාරණයකි.

x ’ කිසිදු බාධාවකින් තොරව අපේ ඉඩමි පාලනය කිරීමෙි බලය, අපේ ජනතාව ආරක්ෂා කිරීමෙි බලය, අපේ ආර්ථිකය, සංස්කෘතිය හා සමිප‍්‍රදායයන් සංවර්ධනය කිරීමෙි බලය අපට තිබිය යුතු ය.’

x ’මේ ව්‍යවස්ථාව එක්සත්, නොබෙදුුනු හා නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක රාමුව තුල ක‍්‍රියාත්මක වේ. මෙි රට බෙදීමට අපට උවමනා නැති අතර ප‍්‍රාන්ත අතර බලතල බෙදා වෙන්කර ගැනීමට අපට අවශ්‍ය වේ.

x ’රටෙි භූමි ප‍්‍රාදේශීය අඛණ්ඩතාව හා එක්සත්කම පවත්වා ගැනීමට අවශ්‍ය වන බලතල එනමිූ ආරක්ෂාව, යුද, ගුවන් හා නාවුක හමුදා මධ්‍යම ආණ්ඩුව යටතේ පවතී. විදේශ සමිබන්ධතා, ආගමන විගමන කටයුතු, මුදල් හා මූල්‍ය කටයුතු මධ්‍යම ආණ්ඩුව යටතේ පැවතිය යුතු ය. එක්සත්කම හා රට නොබෙදීයන රටක් ලෙස පැවතීම සඳහා මෙම බලතල මධ්‍යම ආණ්ඩුව වෙත පැවතිය යුතුය.

x ’අනෙක් බලතල සියල්ල පලාත් ආණ්ඩුවට ලැබිය යුතු ය.’

මේ අනුව මහ ආණ්ඩුවට ඇත්තේ ති‍්‍රවිධ හමුදාව පවත්වාගෙන යාමත්, මුදල් නෝටිටු හා පාස්පෝටි නිකුත් කිරීමත්, තානාපතිවරුන් පත් කිරීමත් පමණි. අනෙක් සියලු බලතල පලාත් ආණ්ඩුවට පැවරේ. එය දැන් පලාත් සභාවක් නොව පලාත් ආණ්ඩුවකි. ඒකීය රාජ්‍යය අවසන් චී ඉන්දියාවෙි වත් නැති ආකාරයේ පූර්ණ පෙඩරල් පාලනයක් ඇතිවේ.‍ෙ

2019 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට දෙමළ පක්ෂ ඉදිරිපත් කළ ඉල්ලීමි 13

2019 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය ලබා දීම සඳහා දෙමළ පක්ෂ ඉදිරිපත් කළ ඉල්ලීමි 13 ට අඩංගුව තිබූ ප‍්‍රධාන ඉල්ලීමි 8 විග‍්‍රහ කර බැලීමෙිදී මෙතුලින් ඔවුන් මුදුන්පත් කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමට හැකිවේ.

1. ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කිරීම

* එක්සත්, නොබෙදුුනු හා නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් යෝජනා කරන්නේ ඒ සඳහා ය. එය තවදුරටත් ඒකීය රාජ්‍යයක් නොවෙි. ව්‍යවස්ථාවෙි ඒකීය යන වචනය තිබුණාට ප‍්‍රශ්නයක් නැත. ව්‍යවස්ථාවෙි එය එසේම තිබියදී පරිපාලනමය වෙනස්කමි තුළින් ප‍්‍රායෝගිකව පූර්ණ පෙඩරල් පාලනයක් ඇතිකර ගැනීමට හැකිවෙි. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවෙි.

2. දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබා දීම

* මෙි කියන්නේ උතුරුනැගෙනහිර පාලනයට අදාළ සියලු කරුණු සමිබන්ධයෙන් තින්දු තීරණ ගැනීමෙි පූර්ණ අයිතිය පලාත් සභාවට ලැබිය යුතු බවයි. මධ්‍යම ආණ්ඩුවට හෝ ශ්‍රී ලංකා පාර්ලිමෙින්තුවට උතුරුනැගෙනහිරට බලපාන නීති පැනවීමෙි බලයක් නොතිබිය යුතු බවයි.
* ජාාතික ආරක්ෂාව, විදේශ සමිබන්ධතා, ආගමන විගමන කටයුතු, සහ මුදල් හා මූල්‍ය කටයුතු හැර අනෙක් බලතල සියල්ල පලාත් ආණ්ඩුවට ලැබිය යුතු බවයි.
* අවශ්‍ය නමි බෙදී වෙන්වී යාමෙි අයිතිය ද ඊට ඇතුළත් වේ.

3. ජාතික ගැටලුවට පෙඩරල් විසඳුමක් ලබා දීම * මෙය පැහැදිලි ය.

4. උතුරු නැගෙනහිර පලාත්වල රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවතින සියලු සිංහල බෞද්ධ ජනාවාසකරණය වහාම නැවැත්වීම

5. මහවැලි ව්‍යාපාරය යටතේ උතුරු නැගෙනහිර පලාත්වල සිංහල ජනාවාස ඇති කිරීම නවතා දැමීම

6. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ වන්නි ප‍්‍රදේශයේ පිහිටුවා ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම

4 ,5, 6 යන මෙි ඉල්ලීම් තුන ම ඉදිරිපත් කර ඇත්තේ උතුරු නැගෙනහිර පලාත් දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ බිම ය, එහි ජීවත් වීමෙි අයිතිය ඇත්තේ දෙමළ කතා කරන ජනතාවට පමණි, සිංහල ජනතාවට එහි ජීවත් වීමෙි අයිතියක් නැත යන පදනම මත ය.

7. පුරාවිද්‍යා, වනජීවී හා වනරක්ෂණ දෙපාරතමෙින්තු යටතට ගෙන ඇති ආගමික සිද්ධස්ථාන සහිත ඉඩමි වහාම රජයේ පාලනයෙන් නිදහස් කිරීම

– සියලු රාජ්‍ය දෙපාර්තමෙින්තු යටතේ පවතින ඉඩම පලාත් සභාව යටතට ගැනීම

– උතුරු නැගෙනහිර පවතින පෞරාණික බෞද්ධ උරුමයන් විනාශ කර දැමීමට ඉඩ සලස්වා දෙමළ නිජ බිමි සංකල්පය තහවුරු කිරිම

8. යුද අපරාධ සිදුකර ඇති හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර මැදිහත් වීමක් තුලින් පරීක්ෂන පවත්වා දඩුවම් කිරීම

* එමගින් පෙඩරල් පාලනයක් ලබා ගැනීමෙි ක‍්‍රියාවලියට ඉන්දියාවෙි හා ජාත්‍යන්තර ප‍්‍රජාවෙි සහාය ලබා ගැනීම

* තිස් අවුරුදු යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ ඉන්දියාවෙි හා ජාත්‍යන්තර ප‍්‍රජාවෙි සහාය ඇතිව ලබා ගැනීමට කටයුතු කරන බව 2012 දී සිටම සමිබන්ධන් මහතා මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

ඉන්දියාවෙි සහාය ඇතිව එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවට අවශ්‍ය විසඳුමි ලබා ගැනීමෙි ක‍්‍රියාවලියට අපේ පක්ෂය බැස ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාවෙි සහාය ඇතිව අපේ අරගලය නොකඩවා කරගෙන යාමෙි මාර්ග සොයාගත යුතු ය.

2019 ජනාධිපතිවරණයේදී උතුරුනැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතුව මෙි ඉල්ලීමි 13 ප‍්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට ඉදිරිපත් කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙි ඉල්ලීමි නොපිළිගත් බව රහසක් නොවෙි. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා මෙි ඉල්ලීමි වලට එකඟවී ඇති බව උතුරු * නැගෙනහිර ජනාධිපතිවරණ ප‍්‍රතිඵල වලින් පෙනේ. උතුරුනැගෙනහිර සෑම ඡුන්ද කොටිඨාශයකින්ම සජිත් ප්‍රේමදාස මහතාට සියයට 83 කට වඩා ලැබී තිබුණ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී තිබුණේ සියයට 6 ක් හෝ 7 ක් පමණකි.

ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාගේ ස්ථාවරය

ඉන්දීය ආණ්ඩුවෙි තර්ජන හා බලපෑමි යටතේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට 13 වන සංශෝධනය ගෙනවුත් පලාත් සභා ඇති කළද ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා දෙමළ දේශපාලන පක්ෂ වල මූලික ඉල්ලීමි 4 ලබාදීම තරයේ ප‍්‍රතික්ෂේප කළේය. 1986 පෙබරවාරි 20 වන දින හැන්සාඩි වාර්තාවෙි දැක්වෙන පරිදි එදින එතුමා පාර්ලිමෙින්තුව අමතා ප‍්‍රකාශ කළේ මෙි ඉල්ලීමි 4 පිළිගන්නවා තියා ඒ ගැන සාකචිඡුා කිරිමට වත් තමා සූදානමි නැති බවයි. එතුමාගේ මතය වූයේ මෙි අසාධාරණ කපට් ඉල්ලීමි පිළිගැනීමෙි ඒකාන්ත ප‍්‍රතිඵලය වන්නේ රට බෙදී ගොස් උතුරු-නැගෙනහිර පමණක් නොව උතුරු මැද පලාත හා මධ්‍යම කඳුකරය ද ඇතුළත් ඊලාම් රාජ්‍යයක් බිහිවන බවයි.

අද රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තුමා සැරසෙන්නේ එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා පිළිගැනීමට තබා සාකචඡා කිරිමට වත් සූදානමි නොවූ ඉල්ලීමි සියල්ල ලුබා දීමටයි.

එහි ඒකාන්ත ප‍්‍රතිඵලය වන්නේ අපේ රටෙි ඉතිහාසය පුරා පැවති ඒකීය රාජ්‍යය අවසන්ව රට බෙදී ගොස් උතුරු-නැගෙනහිර ඊලාමි රාජ්‍යය බිහිවීමයි.

දුටුගැමුණු රජ දවස පටන් වසර 2500 ක් තිස්සේ ඉතිහාසය පුරා සියලු විදේශීය ආක‍්‍රමණිකයන්ට එරෙහිව සටන් කොට ලක්ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, අපේ ජීවිත කාලයේදී 27000 ක් රණවිරුවන් ජීවිත පරිත්‍යාග කොට තවත් රණවිරුවන් 30000 ක් පමණ රට හා ජනතාව වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන්දී සදාකාලික ආබාධිතයන් බවට පත්වෙමින්, තිස් අවුරුදු යුද්ධය නිමවා බෙදුමිවාදී ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් අපේ රටෙි ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යය බන්දේසියක තබා ද‍්‍රවිඩ බෙදුමිවාදීන්ට පරිත්‍යාග කිරීමයි..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More