දේශීය පුවත්

2021 වර්ෂයේදී වොෂින්ටන් පාලනය අවුල් සහගත ලෙස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේදී අතහැර දැමූ ඇමරිකානු යුද අවි වලින් වැඩි ප්‍රමාණයක් පාකිස්තාන තලේබාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් අතට පත්ව ඇති බව පාකිස්තාන අගමැතිවරයා අනතුරු අඟවා ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසයි.

“එක්සත් ජනපද ආයුධ ටෙහ්රික්-ඊ-තලිබාන් පකිස්ථානයේ (TTP) නැමැති අන්තවාදී සංවිධානයේ ගිනි බලය ඉහළ නංවා තිබෙන අතරම එම තත්වය ඉස්ලාමාබාද් පරිපාලනය සඳහා “නව අභියෝගයක් ලෙස මතුවෙමින් තිබෙනවා.”, අගමැති අන්වාර්-උල්-හක් කකාර් ඊයේ (04) මාධ්‍ය වෙත පැව්සුවේය. ඇමරිකානු යුධ උපකරණ TTP සටන්කාමීන්ගේ ගිනි බලය වැඩිදියුණු කර ඇති අතර, පසුගිය මාසවලදී පකිස්ථානයේ ආරක්ෂක හමුදා වෙත වඩ වඩාත් දරුණු ප්‍රහාර එල්ල කිරීමටද එම ආයුද දායක වී ඇති බවද පකිස්ථාන අගමැතිවර්යා පැවසීය.

2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද හමුදා යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වෙමින් සිටියදී කාබුල් අගනුවර අල්ලාගෙන නැවත බලයට පත් වූ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ TTP සංවිධානය දැඩි මිත්‍රකම් පවත්වයි. කෙසේ වුවද අතහැර දැමූ එක්සත් ජනපද ආයුධ අන්තවාදී පකිස්ථාන මිලිටරි සංවිධාන අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳ විස්තර පකිස්ථානු අගමැතිවරයා ලබා දුන්නේ නැත.

පසුගිය වසරේ නිකුත් කරන ලද පෙන්ටගනය නිකුත් කළ තක්සේරු වාර්තාවකට අනුව ඩොලර් බිලියන 7 කට වඩා වටිනා එක්සත් ජනපද හමුදා උපකරණ තොගයක් ඇෆ්ගනිස්ථානයේ ඉතිරිව ඇත. වොෂින්ටන පරිපාලනය 20 වසරක කාලයක් ඇෆ්ඝනිස්ථානය තුළ කඳවුරු බැඳගෙන සිටි අතර එක්සත් ජනපදයේ පිටුබලය ලත් ආණ්ඩුවට කාබුල්හි දී ලබා දුන් ආම්පන්නවලට ගුවන් යානා, හමුදා වාහන, සන්නිවේදන උපකරණ සහ නවීන ගිනි අවි ඇතුළත් විය. කෙසේවුවද අමෙරිකානු හිතවාදී ආණ්ඩුව තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් යටපත් කර පරාජය කරන ලද බැවින් ඇෆ්ඝන් රජයේ හමුදා වලට එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ අත් පත් කර ගත්හ.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනයේ විවේචකයෝ ඇෆ්ඝනිස්ථානයේදී අතහැර දමා ඇති උපකරණවල වටිනාකම ප්‍රකාශ කරන අගයට වඩා බොහෝ සෙයින් ඉහළ බව පවසති. නිදසුනක් වශයෙන්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එක්සත් ජනපද හමුදා තලේබාන් සංවිධානයට ඩොලර් බිලියන 85 ක් වටිනා ආයුධ සහ උපකරණ ඉතිරි කර දමා පැමිණ ඇති බවයි. එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටර් සහ හම්වීස් වැනි ඔවුන්ගේම උපකරණ කිහිපයක් ද ඉවත් කළ නමුත් පෙන්ටගනය පැවසුවේ එම ආම්පන්න බොහොමයක් විනාශ වී හෝ අබලන් වී ඇති බවයි.

ඉතිරි වූ ආයුධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා “සම්බන්ධීකරණ ප්‍රවේශයක්” සකස් කරන ලෙස පකිස්ථානු අගමැතිවරයා ඉල්ලා සිටියේය. ලේසර් නිරීක්ෂණ පද්ධති සහිත තුවක්කු වැනි එක්සත් ජනපදය නිපදවූ උපකරණ,TTP ප්‍රහාරකයින්ට වඩා වැඩි දුර සිට පකිස්ථාන ආරක්ෂක හමුදා ඉලක්ක කර පහර දීමට හැකි වී ඇති බවද වාර්තා වේ. “අපගේ නිවාස, දරුවන්, පල්ලි සහ පූජනීය ස්ථාන” ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු සහ ඇෆ්ඝනිස්ථාන රජයේ හමුදාවන්ට චෝදනා එල්ල වී ඇත.

අන්වාර්-උල්-හක් කකාර් පසුගිය මාසයේදී පකිස්තානයේ භාරකාර අගමැති ලෙස පත් කරන ලද අතර බොහෝ විට පාකිස්ථානයේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් ඔහු පාකිස්ථානු අගමැතිවරයා ලෙස ක්‍රියා කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More