දේශීය පුවත්

මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවලට ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවත්, එම රක්ෂිත තුළ ඇති පුරාවස්තු ද විනාශ කරමින් පවතින බවටත් පරිසරවේදීහු සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම රක්ෂිත තුනේ අක්කර 1,500 කට ආසන්න ප්‍රදේශයක් සම්පූර්ණයෙන් වනසා ඇතැයි ද වාර්තා වේ.

ඔවුන් එහි වී වගා කිරීමට යැයි පවසා රක්‍ෂිතය දිවා රාත්‍රී ඩෝසර් කරමින් ඇති අතර, එම රක්ෂිතවල සිටින වන අලින් ඇතුළු සතුන්, ගම්වැදීමට පටන්ගෙන ඇති බවද උත්තුචේන ගම්මු සඳහන් කරති.

එම රක්‍ෂිතවල පැල්පත් ඉදිකරමින් මෙම සංවිධානාත්මක ජාවාරම්කරුවන් ගිනිඅවි නිෂ්පාදනය කර, එම වනාන්තරවල සිටින මොනරුන්, මුවන්, හාවන්, මීමින්නන් ඇතුළු වන සතුන් දඩයම් කරමින් මස් ජාවාරමක ද නිරත වන බව ද ප්‍රදේශවාසීහු පවසති.

තොප්පිගල රක්ෂිතයේ වඩමුණේ ප්‍රදේශයට වන්නට අක්කර ගණනාවක් ඩෝසර් කර ඇති අතර, උත්තුචේන, වඩමුණේ ඇතුළු රක්ෂිත වනසා එහි තිබෙන වටිනා පුරා වස්තු රැසක් විනාශ කර ඇති බව ද උත්තුචේන ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම අදාළ බලධාරීන්ට ලිඛිතව හා වාචිකවත්, දුරකතන ඇමතුම් මගිනුත් දැනුවත් කළ ද එය වැළැක්වීමට කිසිදු බලධාරියකු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ඔවුහු චෝදනා කරති.

රජයේ ඉඩම් සහ රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලා සිදුකරන මෙම ජාවාරම නිසා සතුන්ගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇති බවද ඒ අවට වැසියෝ පවසති.

මෙම ජාවාරම්කරුවන්ට පොළොන්නරුව සහ මඩකළපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන සමහර දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබී ඇතැයි ද, ඔවුන්ගේ අනුගාමිකයන් මෙන්ම ආධාරකරුවන් මෙම අපරාධයන් පිටුපස සිටින බවට තොරතුරු දැන ගන්නට ලැබී ඇතැයි ද ගොවි සංවිධාන සඳහන් කරති.

– ලංකාදීප –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More