දේශීය පුවත්

2022 අ.පො.ස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය පවසයි.

2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මෙලෙස සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් 149,487ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451ක් සිටින බවය.

මේ අතර මෙවර පාසල් අයදුම්කරුවන් 59 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් 25 දෙනෙකුගේද ප්‍රතිඵල අත්හිටුවා ඇත.

2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 263,933කි.

මේ අතර 2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ට පමණක් නැවත 2023 උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සැප්තැම්බර් මස 11 සිට සැප්තැම්බර් 16 වනදා දක්වා https://onlineexams.gov.lk/eic හරහා නැවත අයදුම් කිරීම අවස්ථාව ලබාදී ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic හරහා සැප්තැම්බර් මස 07 වනදා සිට 16 වනදා දක්වා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

එසේම ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ සිට පැය 24ක් ඇතුළත සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හට https://onlineexams.gov.lk/eic වෙත පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් භාගත කිරීම සඳහා ද පහසුමක් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ප්‍රතිඵල දැන ගැනීම සඳහා පිවිසෙන්න.

https://www.doenets.lk/examresults



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More