දේශීය පුවත්

විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයාව එම තනතුරින් ඉවත් කිරීමට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන ඇති බවයි.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකෝව්  ඒ අනුව එම ධුරයෙන් ඉවත් කළ බව සෙලෙන්ස්කි පවසා ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ නියමයෙන් පත් කර ඇත්තේ එරට උසස් නිලධාරියෙකුව සිටි රුස්තන් උමියරොෆ් බව පැවසේ.

යුද්ධය සඳහා නව ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව නව පත්වීම නිවේදනය කරමින් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වූ 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා පටන් එරට ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබවූයේ 57 හැවිරිදි රෙස්නිකෝව් විසින් වන අතර, දූෂණ වංචා පිළිබඳ රට තුළ දැඩි විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙය සිදුව ඇති නමුත් රෙස්නිකෝව් කිසිදු දූෂණ චෝදනාවක් සෘජුව එල්ල වී නොතිබීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

හිටපු ආරක්ෂක අමාත්‍යවරයා එක්සත් රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More