දේශීය පුවත්

13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇති අතර, මෙම නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙයි.

පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්යංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් පෙන්වා දෙන්නේ ඛනිජ සම්පත් අශ්‍රිත කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය තම කාර්යාංශය වෙත පැවරී ඇති බව වන අතර, ඒ අනුව තම කාර්යාංශය විසින් විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගත් බවත් එම ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබෙන බවයි.

ඒ අනුව අදාළ ඉඩමේ අවශ්‍ය කැණීම් කටයුතු කිරීම සඳහා “මිඩ් වෙස්ට් හෙවි සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්(Mid West Heavy Sands (Pvt) Ltd)” නමැති සමාගම සමග ගිවිසුම්ගත වී ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර” නිකුත් කළ බවත් ඒ අනුව අදාළ සමාගම විසින් කැණීම් කටයුතු ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එසේ තිබියදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් ඉකුත් මාර්තු මස 16 වනදා ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බව අදාළ සමාගම වෙත දැනුම්දී තිබූ බවත් පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.‍

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අභිබවා ගොස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ලිපිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙහිදී පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්යාංමශය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

කෙසේවුවද අභියාචනාධිකරණය තීන්දුව සම්බන්ධයෙන් නීතිපතිවරයා මගින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නැගෙනහිර ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ ප්‍රසිද්ධ හිමිනමක් පවසා සිටියේ ආණ්ඩුකාරවරයා බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීමට දැඩි බාධා පැමිණවීමෙන් නොනැවතී ජාතික සම්පත් ඵලදායි ආකාරයට ප්‍රයෝජනයට ගැනීමට එරෙහි වෙමින් කටයුතු කරන බව මෙම ක්‍රියාවෙන් පැහැදිළි වන බවයි.

මෙම සිදුවීමට අදාළ වාර්තා පහළින්…

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ පෙත්සම

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සිංහල පරිවර්තනය

ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති ලිපිය

අදාළ ස්ථානය



One thought on “13 දෙන්නටත් කළින් 13 අභිබවා පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට ගිය සෙන්දිල් තොණ්ඩමන්ට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්”

  1. That Senjdeweel of that govern of ESTERN PROVINCE been an appointed by President of Republic Ranil Wickmaisnge of hardliner UNP who lost his seat in 2020 last election of that Parliment was/is a splitters of Island since 1977 by JRJ rule of Neo-Liberalsit range of policies. No doubt that Governor of Eastern Province back by Tamil Extremist of that LTTE ex-Terrorist outfits. Displacement Tamils are in even in Tamil Nadu of India. There are few Tamils has gone to OVERSEES BETTER LIFE to West and Rest by clam and blaming for majority People of Sinhalese ? That is not bully Tamils by People of Sinhalese.
    Current governor is hardline Tamil Terrorist .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More