දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානයට යොමුව ඇති පසුබිමක, එම විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව මේ වන විට විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වේ.

මේ අතර, එම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද වැඩකටයුතු අරඹා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට පසුගිය දා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කෙරුණි.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එළැඹෙන 08 වනදා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම සතිය තුළ විදෙස් ගමන් තහනම් කර ඇති බවද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More