දේශීය පුවත්

ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නතර කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

මෙම උද්ඝෝෂණය ත්‍රිකුණාමලය දෙමළ සභාව නැමිති සංවිධානයක් විසින් සංවිධානය කර ඇති අතර, පළමුව නිලාවෙලි පොලිස් බල ප්‍රදේශයට අයත් බොරළු කන්ද රජමහ විහාරය පිහිටි පෙරියකුම් හංදියේ උද්ඝෝෂණය සිදුකිරීමට සැළසුම් කර තිබූ බවත්, පසුව නිලාවෙලි හා උප්පුවේලි පොලිස් වසම් මායිම් වන සාම්බල්තීව් මංසංධියේ දී ඒය පවත්වා ඇති බවත් වාර්තා වේ.

මෙම විරෝධතාවය හේතුවෙන් නිලාවෙලි – ත්‍රිකුණාමලය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මෙහිදි පවසා ඇත්තේ 48 නිදහස ලැබෙන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිටි සිංහල ජන ගහණය නිදහසින් පසු පැවැති ආණ්ඩු විසින් ජනතාව පදිංචිකරවා විශාල ලෙස වැඩිකර ඇති බවයි.

ඉතිහාසයේ පැවැති රජයන් කළ මෙම වරද වත්මන් ජනාධිපතිවරයා සිදුනොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු මෙහිදී පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More