දේශීය පුවත්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය රැගත් ඉන්දියාවේ PSLV රොකට්ටුව, සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.

පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදා හරින රොබෝ යානය, දින 125 ක දුර ගමනක යෙදෙයි. ඒ, හිරු සහ පෘථිවිය අසල ඇති, තාරකා වනිද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය දක්වාය.

‘ලග්‍රාන්ජ් පොයින්ට්’  පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකින් පවතින අතර, රොබෝ යානය එම ස්ථානයේ රඳවා තැබෙන බවයි පැවසෙන්නේ.

‘ආධිත්‍යා Aditya L1’ යානය හිරු ගවේෂණය කරමින්, හිරුගේ ඡායාරූප ගැනීම සිදු කරයි. ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ ‘ආධිත්‍යා Aditya L1’ දිනකට පෘථිවියට එවීමට නියමිත හිරුගේ ඡායාරූප ගණන 1,440 ක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More