පුරවැසි කොලම

අප්‍රිකානු රාජ්‍ය හූරා කෑමට එරෙහිව නැගී එන මේ මොහොතේ ඊට ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙමින් අපේ රටේ පාලකයින් අපේ රට හූරා කෑමට විදේශිකයින්ට බිලි දෙමින් ඇත.

ගහකින් කොළයක් වැටුණත් ඊට විරුද්ධව පාරට බහින පක්ෂද හීන් කෙඳිරියක්වත් නොමැතිව සහජීවනයෙන් ඒ සියල්ල නිද්‍රෝපගතව ඉවසා වදාරමින් ඇත.

කසාය බිව් ඩීල් දේශපාලනයේ සැබෑ නිරුවත මෙයින් ප්‍රදර්ශණය නොවේ යැයි කෙසේ කියම්ද?. සූරා කෑමේ ආසන්නම උදාහරණය සිපෙට්කෝ සහ සයිනොපෙක් තෙල් මිල අතර වෙනසෙන් හඳුනාගත හැක.

සිපෙට්කෝ බෙදන්නේ සංස්ථා තෙල්. ඒ බැරලය ඩොලර් 45 ට ගත හැකිව තිබියදී 125 ට ගන්නේ යැයි චෝදනා ඇති තෙල්‍ ය. එතකොට සිනොපැක් බෙදන්නේත් සංස්ථා තෙල් මද? සිනොපැක් සංස්ථා තෙල් ලබා නොගනී. සංස්ථා තෙල් වලට වැඩිය සුළු ගනනක් අඩුවෙන් සිනොපැක් තෙල් විකුණයි. සිනොපැක් අනිවාර්යයෙන්ම තෙල් බැරලය 125 ට නොගනී. 45 ට රුසියන් තෙල් ඇතිවිට ඒ වගේ තුන් ගුනයකට ආසන්න මුදලක් වැය කිරීමට අපට මෙන් ඔවුන්ට ඔළුවේ අමාරුවක් තිබිය නොහැක. එය ඔළුවේ අමාරුවක් නොව ඩීල් දේශපාලනයේ ගුජුප්සාජනක සහසංයුජ බන්ධනයක් විය හැක. මේ අයනික යෝද දැලිසය සෑදී ඇත්තේ ඩීල් එක අනුව බෙදී යායුතු කොටස තීරණය කර ඒ අනුව සංසරණය සංයෝජනය වන නිසා විය හැක.

සිනොපැක් තෙල් මිලදී ගන්නේ බැරලය 45 කට ආසන්න මුදලකට විය යුතුය. එසෙනම් බැරලය 125 ට ගන්නා සිපෙට්කෝ මුදලට වැඩිය සොච්චම් මුදලකින් මිළ අඩුවෙන් විකුණන සයිනොපැක් කරුගේ ලාභය කොතෙක් විය හැකිද? සයිනොපෙක් මේ උරන්නේ අපේ රටේ සාරයයි. නිදහසේ මෙසේ සාරය ඉරීම සඳහා ඉඩ දීමම ඩීල් දේශපාලනයේ කොටසක්ද නැතහොත් 99.95% ක සාක්ෂරතාවයේ දෝශයක්ද?

මේකද තරඟකාරී මිල? අරගලයෙන් ලැබුවාවූ රජයෙන් ලෝක දරිද්‍රතාව නිවීම සඳහා විදේශ රට වලට මේ ලබා දෙන්නාවූ සහන පිළිබඳව කිසිවෙක් විස්සෝප නොවිය යුතුය.

අපි ණය නොගෙවමු, ණය ගමු, විකුණමු, කමු, සාරය උරන්නත් ඉඩ දෙමු.

– යසස් ධර්මදාස –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More