> පාකිස්තානයේ ප්‍රගතිශීලී වෙනස්කම් රැසකට මුල පිරූ සැබෑ ජනතා නායකයා අද සිරකරුවෙකි.
> ඊයේ සිදුවූ ඔහුට ඇප ලැබීමේ සිදුවීමද දිනයක් ඇතුළත නැවත වෙනතකට හැරෙන තරමට ඉම්රාන් විරෝධී මෙහෙයුම බලවත්ය.
> අද පාකිස්තානයේ සිදුවෙමින් පවතින්නේ තමාට අකැමැති රාජ්‍යවල පාලකයන් හොදින් හෝ නරකින් බලයෙන් පහ කිරීමට හෙන්‍රි කිසිංජර්,රොබට් මැක්නමාරා හා ජෝන් කේරි වැනි අය ගෙන ගිය මෙහෙයුම්වලම බයිඩන් දිගුව බව මුළු ලෝකයටම නොරහසකි.
> 2018 බලයට පැමිනීමෙන් පසු පාකිස්තානය තුළ මුළුමනින්ම ඔඩු දුවා ඇති දූෂණය, අල්ලස, අකාර්‍යක්ෂමතාවය හා පවුල් දේශපාලනය මුලිනුපුටා දැමීමට සෘජු කාර්යභාරයක් කළ ඉම්රාන් එරට තරුණ පරපුරේ ඉමහත් සම්භාවනාවට පත් විය.
> එලෙසම පාකිස්තානය වෙලා ගත් වෙළෙඳ ශේෂ අර්බුදයත්, ණය අර්බුදයත් විසඳීම සඳහා පාකිස්තානයේ සාම්ප්‍රදායික මිතුරන් වූ බටහිර අක්ෂයෙන් සැබෑ සහයක් නොලැබෙන බව දැන ගත් ඛාන් වහා චීනය වෙත යොමු වී ග්වාඩාර් වරාය වැනි වේගවත් ව්‍යාපෘති හරහා අන්තර්ජාතික වෙළෙඳාමත්, යටිතල පහසුකම් සැකසීමත් පිළිබඳ පදනම් ව්‍යාපෘති සිදු කරමින් සිටියේය.
> පාකිස්තානයේ සිදුවන්නට යන සීඝ්‍ර පරිවර්තනය එහි ජනතාවට රිස්සුවද, ජනතාව මැතිවරණවලින් එක පිට එක ඉම්රාන් ජයග්‍රහණය කරවූවද, පාකිස්තාන දියුණුව ඇහේ කටු ඇනෙන්නාක් බඳු පිරිසක්ද වැඩෙන්නට විය.
> පුහුණු වැඩසටහන් හරහා ස්වභාවිකවම ඇමරිකන් මූලයන් මුල් බැස ඇති පාකිස්තාන හමුදාවේද, දූෂිත දේශපාලන පවුල් විසින් නටවන පාර්ලිමේන්තු ඔළුගෙඩිවලද බහුතර සහය ඇතිව ඉම්රාන්ගේ ආණ්ඩුව පෙරළා දමන ලද්දේ ඒ අනුවය.
> ඉම්රාන් ඛාන්ට එරෙහිව පාකිස්තාන බලධාරීන් නවමු අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඔහු සහ ඔහුගේ සමීප සහායකයින් තිදෙනෙකුට අලුත් නඩුවක් ගොනු කරනු ඇති බව ඉහළ ආරක්ෂක මූලාශ්‍රයක් පසුගියදා ප්‍රකාශ කළේය.
> දැනට විමර්ශනය වෙමින් පවතින්නේ පසුගිය වසරේ මුල් භාගයේ වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත කේබලයකට අදාළ කරුණක් වන අතර එය ඛාන් විසින් ප්‍රසිද්ධියට පත් කළ බව කියනු ලැබේ.
> 70-හැවිරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා චෝදනා කර ඇත්තේ 2022 දී රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරයට පෙර මොස්කව් වෙත ගොස් සිටි නිසා 2022 දී විශ්වාසභංගයේ දී ඔහුව නෙරපා හැරීමට පකිස්ථාන හමුදාව රහසිගත ක්‍රියාවලියකට තල්ලු කිරීම එක්සත් ජනපද කුමන්ත්‍රණයක කොටසක් බවය.
> හමුදාව මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර කිසිදු පාකිස්තාන ජනාධිපතිවරයෙක් නොකළ ආකාරයට ඉම්‍රාන් හමුදාවේ බලය පාලනය කළ යුතු බවත් එය පාකිස්තානයට විමුක්තිය උදාකිරීමේ මූලික කාරණාව වනු ඇති බවටත් හඳුනා ගෙන සිටියි.
> ඛාන් දැනට වසර තුනක සිරදඬුවම් විඳිමින් සිටින අතර, ඔහුට වසර පහකට දේශපාලනය තහනම් කර ඇත.
> ශ්‍රී ලංකාවට ඉතා ආදරය කරන, බටහිර දැඩි අඬුවට එරෙහිව ආසියා විමුක්තියේ පෙර ගමන්කරු ලෙස කටයුතු කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති ඉම්‍රාන් යළි බලයට ගෙන ඒමේ වගකීම පාකිස්තානයේ තරුණ ප්‍රජාව සිය කර මතට පටවා ගෙන සිටිති.
> මේ තත්ත්වය හමුවේ හමුදාවේ හා බටහිර සහය ලබන රූකඩ අන්වර් උල් හක් ආණ්ඩුව ආණ්ඩුවට කළ හැකිව තිබෙන්නේ දිනෙන් දින වැඩෙන ඉම්‍රාන් ඛාන් නම් දැවැන්ත සෙවනැල්ලෙන් සිය කෘතිම බලකොටුවල පියැසි වැසී යාමේ දින ගණන් කරමින් සිටීමට පමණි.
> ඉම්රාන් ඛාන් මේ ඉරණමට ගොදුරු වූයේ ඔහු හොරෙක් දූෂිතයෙක් වීම නිසා නොව බටහිර බලවතුන්ගේ පදයට අවනත නායකයෙක් නොවීම නිසාය.
> ලංකාව පාකිස්ථානය වැනි රටවල කවර පාලකයෙක් පක්ෂයක් බලයට පත් වුවද ඔහු සැබෑවටම රට හැදීමට බලාපොරොත්තු වන අයෙක් නම් අනිවාර්යෙන්ම මේ ලෝක බලවතුන්ගෙන් එල්ලවන තර්ජනයට මුහුණ දීමට සූදානම් විය යුතුය.
> ලෝක බලවතුන්ගේ අතපෙවීම් විහිළුවට ලක් කරමින්, හොරු ඇල්ලීමෙන් පමණක් රටවල් හැදිය හැකි යැයි සිතන ලංකාවේ ඇතැම් මහත්වරුන්ටද ඉම්රාන්ගේ අත්දැකීම ප්‍රයෝජනවත් එකක් වනු ඇත්තේ ඒ නිසාය.
– වින්දන විදුර කුමාර –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...