දේශීය පුවත්

චන්ද්‍රයාන් – 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ පියවර ලෙස ඉර තරණයට සූදානම් වෙයි.

ආදිත්‍යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන සෙනසුරාදා දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ තොටුපොළෙන් නික්මීමට නියමිත බව ඉස්රෝ (ISRO) නැත්නම් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.

හින්දි බසින් හිරු හඳුන්වන ආදිත්‍යා ලෙස නම් කළ ඉන්දියාවේ සූර්ය ගවේෂණ යානය සූර්ය ගවේෂණය වෙනුවෙන් ඉන්දියාව නිපදවූ පළමු අභ්‍යවකාශ යානය ලෙස හැඳින්වෙයි.

හිරුගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාව උඩුගුවනට යවන ආදිත්‍යා L-1 මාස 04ක් තිස්සේ කිලෝමීටර් මිලියන 1.5ක් ගමන්කොට හිරුගේ ආසන්නයට ළඟාවීමට නියමිතය.

අවුරෝරා ලෙස හඳුන්වන පොළව මත බලපෑම් ඇති කළ හැකි සූර්ය සුළං පිළිබඳ අධ්‍යයනය කිරීම ද ආදිත්‍යා මෙහෙයුමට අයත් බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More