රොකට් එකේ නම චන්ද්‍ර යාන්, හඳට ගොඩ බැහැපු කොටස වික්‍රම්, හඳ මත ගමන්කරන රෝවරය ප්‍රඥාන්. බලපං ඒ නම්වලම තියෙන දේ; මොන දේ කලත් ස්වරාජ් ස්වදේශ් මුල් තැන. වික්‍රම් හඳ මත ගොඩ බැහැපු සැනින් සභාව අමතපු ISRO ලොක්කා ස්තූතිකලේ ප්‍රේ කරපු අයට. උඹලා වගේ නිකම්මුනම් ඒකටත් හිනාවෙයි.
උඹලව යටත්කරගෙන හිටපු රටම තමයි උන්වත් යටත්කරගෙන හිටියේ. හැබැයි උඹලගේ හැමදේම හේදිලා ගියා, උන් උන්ගේ බොහෝ දේවල් රැකගත්තා. ඒක තමයි දියුණු ජාතියක සහ නොදියුණු ජාතියක වෙනස. අපි ගැන අනුකම්පාවෙන් එහෙන් ආව මිහිඳු හිමි සහ සංඝමිත්තා තෙරණිය නොවන්න, අපි අද ඔය පාරම්බාන අපේ අතීත ශ්‍රී විභූතියවත් අපිට ලැබෙන්නේ නෑ. අද ඉන්දියා කොඩිය මැද තියෙන්නෙත් ඒ රහතන්වහන්සේලා දෙනමගේ පිය රජ තුමා තමන්ගේ රාජ්‍ය ලාංඡනය ලෙස යොදාගත් ධර්ම චක්‍රය. අද ඔවුන් උන්ව යටත්කරගත් රට ආර්ථිකව පසුකර ගිහින් විතරක් නොවේ, ඒ රටේ අගමැති කමටත් උන්ගෙ එකෙක් පත්වෙන තරමට ඉස්සරහට ගිහින්.
උන් අදහන්නේ පිළිපදින්න හුඟක් අසීරු ආගම්. තමන්ගේ ආගම වෙනුවෙන් උන් ජීවිතකාලෙම බිත්තර කෑල්ලක්වත් නොකා ඉන්නවා, හැබැයි උඹලට පෝය දාටවත් මලක් පහනක් පත්තුකරන්න බෑ, ඒකටත් රැඩිකල් පල්හෑලි කෝටියක් ලියනවා. ඉන්ද්‍රිය සංවරය පුරුදුකල හැකි එහෙම වීර්‍යවන්ත මිනිස්සු තමයි ලෝකේ ඉස්සරහට ගියේ, එහෙම නැතිව උඹලා වගේ පුහු රැඩිකල් පොල් කෝම්බ නොවේ.
ලැට් නැති අපිට සැට් එපා, සැට් යවන සල්ලිවලින් ලැට් දියව් වගේ ක:ඩ:ප්:පු:ලි කතා කියන එවුන් එහේ නෑනේ. උන්ගේ ලැට් යන එකත් රටට ආදරෙයි, ලැට් නැති එකත් රටට ආදරෙයි. ඒකයි ඒ රට රොකට් වේගෙන් දියුණුවෙන්නේ. අපේ උන්නම් මොකද කරන්නේ; ඔය ලැට් නැති එවුන් ඔක්කොම එකතු කරලා, උන්ගේ ඔළුවට වෛරය පුරවලා ගහනවා රටට විරුද්ධව කැරැල්ලක්.
මේක ලියන මම ඉගෙනගත්තේ ඉන්දීය මහාචාර්‍යවරයෙකු යටතේ. එතුමගේ ගෙදර වෙනම කාමරයක් තියෙනවා ගණදෙවියෝ වෙනුවෙන්. හැබැයි අපේ උන්ට ඩිප්ලෝමා කට්ටක් ලැබුනම බුදුන්වත් අමතක වෙනවා, උන් බුදුන්ටත් වඩා ප්‍රඥවන්තයෝ කියලා හිතනවා. මේක ලියන මම ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ ඉන්දීය කන්ඩායමක් සමඟ. ඒ කඩායමේ අනුග්‍රාහක මහත්මා තරන්බ්ගයට පෙර අපට පන්දුව භාරදෙන්නේ පන්දුව අත් දෙකෙන් බිමට තදකරලා යම්කිසි දෙයක් සජ්ජායනාකරලා. එහි විද්‍යාත්මක පසුබිම හොයන්න කාටවත් අවශ්‍යතාවක් නෑ; මොකද අපට අවශ්‍ය කෙසේ හෝ තරඟ දිනීම පමණයි. හැබැයි උඹලට වැසි වස්සවන්න පිරිතක් කීවොත් ඒක ගැන දාහක් ප්‍රශ්න අහනවා ඇස් පනාපිට වැස්ස වහිනවා දැක දැකත්. උන්ට උන්ගේ දේ විශ්වාසයි, උඹලට විශ්වාස නෑ; අන්න ඒකයි උඹලට යාදීමක් නැත්තේ. මා සේවය කරන ආයතනයේ ඉහලපෙලේ ඉන්දීය සේවකයන් වසරකට වතාවක් ඉන්දියාවට යනවා. ඔවුන් බොහෝමයක් නැවත එන්නේ බූ ගාපු හිසෙන්. ඔවුන් යම්කිසි ආගමික පූජාවක් එහිදී සිදුකරන බව කියනවා. අපේ එකෙක් ලංකාවට ගියොත් අඩුම තරමේ රුවන්වැලි සෑය වඳින්නවත් යයිද?
අද ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ ඉන්දියානුවන් අක්ෂර්දාම් නැමති අති විශාල බ්‍රාහ්මන ආගමික ස්ථාන ඒ රටවල තැනින් තැන ඉදිකරනවා. කොයි රටේ හිටියත් දෙවියන් වෙනුවෙන් ඔවුන් පළමු තැන ලබා දෙනවා. හැබැයි අපේ එවුන්ට දෙවියන්ව තියා බුදුන්වත් විශ්වාස නෑ. දිව්‍යලෝක මගුලක් නෑ ඕයි කියලා මොකෙක් හෝ සිවුරු හොරෙක් කීවොත් මෙන්න අපේ උන් ඌවත් කරේ තියන් දුවනවා. අන්න එහෙම එක එකා කියන කියන පදයට නටන සිරිතක් ඉන්දියානුවෝ තුල නෑ; ඔවුන්ව නවන්න හිරු නොබසින අධිරාජ්‍යයටත් බැරි වුනා. හැබැයි උඹලව නවන්න මොකෙක් හෝ යූ ටියුබ් කාරයෙක්ගේ ටෝක් එකක් වුනත් ප්‍රමාණවත්. අන්න ඒකයි උඹලට යා දීමක් නැත්තේ!
(මුහුණුපොතෙන් උපුටාගැනීමකි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...