ඡායාරූප පුවත්

අපිට බණ කියන වැඩිමල් සොයුරා මෙන් පෙනී සිටින ඉන්දියාවේ, දුශ්කර පලත් වල පවුල් 70%ක ප්‍රමාණයකට වැසිකිලි පහසුකම් නැත. මෙසේ හෙයින් ඉන්දියාවේ 1.2 කෝටියක් පමන වන ඉන්දියන් ජනගහනයෙන් 60%ක් වැසිකිලි වෙනුවට භාවිතා කරනුයේ එලිමහන් ස්ථානය.

මෙමගින් අපවිත්‍ර වන ඔවුන්ගේ ජල ප්‍රවාහණ පද්ධතිය නොයෙකුත් බෝවෙන රෝග අක්මා සහ වකුගඩු රෝග ඇතුලු නිමක් නොමැති රෝග වල මූලාශ්‍රය වේ. මෙවන් තත්වයන් යටතේ දරු ප්‍රසූතියේදී මරණයට පත්වන මව් වරුන් පමණක් නොව, උපන්ගෙයිහිදීම මියයන බිලිඳු මරණ සංඛ්‍යාවද අති මහත්ය.

මේ අවාසනාවන්ත තත්වයේ දිගුවක් ලෙස ඇතිවන ළමා අපචාර සහ ස්ත්‍රී දූශන සංඛ්‍යාවද නිමක් නොමැත. මේ හේතුව නිසා,
මෑතකදී තරුණ ගැහැණු ලමුන් දෙදෙනෙකු සමූහ දූශණයට ලක්වීමක් ගැන, මුලු ඉන්දියාවම සසල කරවමින් උතුරු ඉන්දියාවෙන් වාර්තා විය.

මේ වැසිකිලි ප්‍රශ්ණය නිසා, සමහර පවුල් වල ගැහැණු දරුවන් පාසල් යාමෙන් පවා වැලකී සිටීමෙන් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගන්නා අතර, මේ තත්වය ඉන්දියානු සමාජයේ අභිවෘද්ධියට තදින් බලපාන කරුණක් වී ඇත.

ඉන්දියාවේ මේ වැසිකිලි ප්‍රශ්ණය නිරාකරණය කිරීම අගමැති මෝඩිගේ මැතිවරණ ප්‍රතිඥා වලින් එකක් විය. එදා මෙදාතුර ඔහු දුශ්කර පලාත් වලට වැසිකිලි මිලියනයක් සාදා දී ඇති මුත්, කරුණු කීපයක් නිසා එම ව්‍යාපෘතිය ඉතාම අසාර්ථක එකක් බවට පත්විය.

එය ඉන්දියාවේ ඉතාම දුගී ජන කොටස් වසන දුශ්කර පලාත් සඳහා වෙන්වුවක් වූවද එම ජනතාවට වැසිකිලි භාවිතා කිරීමේ පුරුද්දක් නැති කම නිසාත්, ඒවා පිරිසිදු ජල පද්ධතියකට සම්බන්ධ කර නොතිබූ නිසාත්, හරිහමන් අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතියකට සම්බන්ධ කර නොමැතිවූ නිසාත් මෝඩිගේ වැසිකිලි ව්‍යාපෘතිය ඉතාම අසාර්ථක එකක් බවට පත්විය.

මෙවන් ව්‍යාපෘතියක් පටන් ගැනීමට පෙර දුශ්කර පලාත් වල සිටින ඉන්දියානු සමාජයට රෝග වලක්වාගැනීම සහ වැසිකිලි භාවිතය වැනි කරුණු සම්බන්ධයෙන් දැනුමක් ලබාදීම කල යුතුව තිබින.

මෙවන් ප්‍රශ්ණ කිසිත් නොමැති, දුශ්කර පලාත් වල පවා සෞඛ්‍යය සම්බන්ධයෙන් ඉතාමත් සැලකිල්ලක් දක්වන අපේ රට, ඉන්දියාව සමග සසඳන විට සුරපුරයක් නොවේද? කරුණු එසේ තිබියදී තමන්ගේ වැසිකිලි ප්‍රශ්ණය නිරාකරණය කරගැනීම පසෙකලා, ඉන්දියාවෙන් අපේ රටට වැසිකිලි 3400ක් ලබා දීම විහිලුවක් නොවේද? ඒ මදිවාට ඉන්දියාව අපට වැසිකිලි ත්‍යාගයක් ලබා දෙන්නේ අපේ ගුවන් තොටුපොලක් ඔවුන්ට බදු දීමට සන්තෝශමක් ලෙස වීමම අපේ රට ජාතියට සහ මුලු මහත් ශ්‍රී ලාංකික සමාජයේම පරිණත බුද්ධියට කරන සමච්චලයක් සහ නිග්‍රහයක් නොවේද?

පේෂලා ගම්හේවා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More